කතරගම රෝහල පිටුපස නිවෙසක තිබී ගිනි අවි ඇතුළු ජීව උණ්ඩ තොගයක් සොයාගනී
යුද හමුදා බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරක් මත කාවන්තිස්සපුර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් අද (19) දහවල් කතරගම රෝහල පිටුපස පෙරගිරිගම ප්රදේශයේ සිදුකළ වැටලීමකදී නිවෙස් දෙකක තිබී ටී 56 උණ්ඩ යොදන සාදන ලද ගිනි අවියක්, ටී 56 උණ්ඩ 16 ක්, බෙහෙත් කොටන ගිනි අවියක්, හා සකස් කරමින්තිබූ බෙහෙත් කොටන ගිනි අවි දෙකක කොටස් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.