(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
ඉඔුල්පේ හාගල රජයේ වනය කොටස් වශයෙන් අනවසරයෙන් එළිපෙහෙළි කල පුද්ගලයන් පස්දෙනෙකුට එක් අයෙකුට රුපියල් 20,000 ක බැගින් රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (19) දා නියෝග කර සිටියේය.
ඉඔුල්පේ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් පස්දෙනෙකුට මෙලෙස දඩ නියම විය.
මොවුන් විසින් අවස්ථා කාහිපයකදි ඉඔුල්පේ හාගල රජයේ වනය අනවසරයෙන් එළිපෙහෙළි කර ඇත.
බලන්ගොඩ අඩවි වන නිළධාරී විජයන්ත උපුල් මහතාගේ උපදෙස් පරිදි මොවුන්ට එරෙහිව නඩු පවරා බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරව මෙලෙස දඩ ගෙවිමට සිදු විය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.