( කවිතා සුබසිංහ )
කැලණිය සරසවියේ ආරක්ෂිත කැමරා පද්ධතිය ගලවා ඉවත් කළා යැයි කියන සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේන් පසුව රුපියල් ලක්ෂ පහ බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන් පතිරණ මහතාඅද (19 )වැනි දා නියම කළේය.
කැළණිය විශ්වවිද්‍යාලයේ සිව් වන වසරේ ඉගෙනුම ලබන තීක්ෂණ මදුශාන් ලියනපතිරණ නැමති අයකු මෙලෙස ඇප මත මුදා හැරිණ.
සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් ට ඇප ලබා දී තිබිම හා රටේ පවතින වත්මන් තත්වය යන කරුණු සැලකිල්ලට ගනිමින් දැඩි අවවාද මත සැකකරු ඇප මත මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සැප්තැම්බර් මස 08 වැනි දා නඩුව නැවත කැදවීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
කිරිබත්ගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂක යාපා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 18 වැනි දා සැකකරු අත්අඩංගුවට ගෙන 19 වැනි දා අධිකරණ වෙත ඉදිරිපත් කර තිබිණ.
විත්තිය වෙනුවෙන් නීතිඥ මහේෂ් පොතුවිල මහතා සහ නීතිඥ සුදර්ශන වික්‍රමරත්න මහතා පෙනී සිටියහ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.