IMG-LOGO

හැටන් නගරයේ අනවසර වෙළඳසැල් ඉවත් කෙරේ

(රංජිත් රාජපක්ෂ)                       

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් මහජන වෙළඳපොලට පිටුපස පාරිභෝගිකයන්ට අවහිර වන සේ පවත්වාගෙන ගිය අනවසර වෙළඳසැල් කඩා ඉවත් කිරීමට හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරීහු අද (19) කටයුතු කළහ.

එම අනවසර වෙළඳසැල් වල වෙළදාම් කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරින් සහ සේවකයින් එම ස්ථානයට පැමිණ එම අනවසර වෙළඳසැල් කඩා ඉවත් කර එම වෙළඳසැල් වල අලෙවි කිරීමට තිබු භාණ්ඩ සහ කඩා ඉවත් කළ වෙළඳසැල් වල උපකරණ නගර සභාව වෙත රැගෙන යනු ලැබුහ.

හැටන් මහජන පොල භූමිය හරහා හැටන් ලංගම සහ පෞද්ගලික බස් නැවතුම්පොලට පිවිසිමට ඇති කෙටි මාර් ගයද මහජන වෙළඳපොල හරහා පිහිටා ඇති අතර එම මාර්ගයේ අනවසර  වෙළඳසැල් ඉදි කිරිම නිසා මහජන වෙළඳසැලට පැමිණෙන පාරිභෝගිකයන් මෙන්ම ඒ හරහා ගමන් ගන්නා පාරිභෝගිකයන්ද දැඩි පිඩාවට පත් වී සිටිති.

මහජන වෙළඳපොලට වාහන වලින් පැමිණෙන පාරිභෝගිකයන්ද පවත්නා තත්ත්වය මත තම වාහනය ගාල් කිරිමට හෝ වාහනය හරවා ගැනීමට ඉඩක් නොමැති වීමෙන්ද දැඩි අසීරුතාවයට පත් වී සිටිති.

මහජන වෙළඳපොල පිටුපස අනවසර වෙළඳාමේ නිරතව සිටින වෙළඳුන්ට ඉන් ඉවත් වන ලෙසට අවස්ථා කිහිපයකදි හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරින් දැනුම් දී තිබුණද එම ඉල්ලීමට එම වෙළඳුන් නිසි ප්‍රතිචාර නොදැක්වීම නිසා එම වෙළඳසැල් කඩා ඉවත් කිරිමට නගර සභාව නිලධාරීහු කටයුතු කළහ.

 

 

 



අදහස් (0)

හැටන් නගරයේ අනවසර වෙළඳසැල් ඉවත් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site