(ඩී.ජී.සුගතපාල)
මුඛ ආවරණයක් නොපැළඳ තුවාල කරුවෙකු රෝහලට ගෙන ඒම සම්බන්ධයෙන් ඇතිවු බහින් බස් වීමකදි තුවාලකරු ගෙනෙන ලද පුද්ගලයා පහරදීම හේතුවෙන් කරාපිටිය රෝහලේ සේවකයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ බව කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.
තුවාල ලබා ඇත්තේ රෝහල් සෞඛ්‍ය කාර් ය සහායකයෙකු ලෙස කටයුතු කරන 58 හැවිරිදි පුද්ගලයෙකි.
ඊයේ (19) රාත්‍රී බූස්ස පිටිවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් හදිසි තුවාලකරුවෙකු රෝහලට ඇතුලත් කිරීම සඳහා ගෙනැවිත් ඇත.
එම අවස්ථාවේ ඔහු මුඛ ආවරණ පැළඳ නොසිටීම නිසා මුඛ ආවරණයක් පැළඳ ගෙන එන ලෙස තුවාලකරුවන්ට රෝහල් සේවකයා පවසා තිබේ.
එම අවස්ථාවේ ඇතිවු බහින් බස්විමකදි මෙම පහරදිම සිදු කර ඇති බව පොලිසිය පවසයි.
සැකකරු කරාපිටිය රෝහල් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා ගාල්ල පොලිසිය වෙත බාරදි තිබේ.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කරාපිටිය රෝහලේ සේවකයෙකුට පුද්ගලයෙක් පහරදීලා