(ඩබ් ඒ. අසේල)
දෙල්තොට ග්‍රේට්වැලි වත්තේ ලිට්ල් වැලි කොටසේ ඉඩම් ආරාවුලක් හේතුවෙන් අද (18) මස්සිනාලා දෙදෙනෙකු අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග ගොස් එක් මස්සිනෙකු එල්ල කළ පිහි පහරකින් බරපතල තුවාල ලැබූ එක් මස්සිනෙකු ප්‍රතිකාර සඳහා දෙල්තොට ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇත.
ඔහුගේ තත්ත්වය බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට මාරුකර යවා ඇත.
මෙසේ තුවාල ලබා ඇත්තේ ග්‍රේට්වැලි වත්තතේ විසූ වයස අවුරුදු 46 හැවිරිදි පුද්ගලයෙකි. අද උදෑසන මොවුන් තම ඉඩම් සුද්ද පවිත්‍ර කිරීමේ කටයුතු වල යෙදී සිට ඇති අතර එහිදි ඉඩම් මායිම් සම්බන්ධයෙන් ආරවුලක් ඇතිවීමෙන් මෙම ගැටුම හටගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ගලහ පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd