ඩී.ජී.සුගතපාල
කතරගම වැඩිහිටිකන්ද ප්‍රදේශයේදි සහ කතරගම රෝහල පිටුපසදි ගිනි අවි දෙකක් සමග පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් අද(19) සවස අත් අඩංගුවට ගෙන කතරගම පොලිසිය වෙත බාරදි තිබේ.
ටි.56 උණ්ඩ දැමිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ එම උණ්ඩ 16ක්ද සමග කතරගම රෝහල පිටුපස පදිංචි පුද්ගලයකුද බෙහෙත් කොටන තුවක්කුවක් සමග වැඩිහිටිකන්ද පදිංචි පුද්ගලයෙකුද මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.
කතරගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd