( පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය පොලිස් බළ ප්‍රදේශයට අයත් මුසල් පිටිය සහ කන්ද කුලිය ප්‍රදේශය්න්හී බලපත් නොමැතිව අනවසරයෙන් වැලි කනිමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඔවුන් වැලි පැටවීමට භාව්තා කළ ලොරි රථයක් සහ ටැක්ටරයක් ද සමගින් අද (17) අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.
කල්පිටිය අර්ධදීපයේ අනවසර වැලි කැපීම් බහුලව සිදු වන අතර,ප්‍රදේශයේ පාරිසරික ගැටලු රැසකට මෙය තුඩු දී ඇතැයි ප්‍රදේශවාසීහූ පවසති.
මෙම සැකකරුවන් පුත්තලම දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කල්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලීස් පරීක්ෂක ජයම්පතී බණ්ඩාර මහතා ඇතුළු නිළධරී පිරිසක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd