(රංජිත් රාජපක්ෂ)
තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ඇනීමෙන් තුවාල ලැබු වතු කම්කරුවන් පස්දෙනෙකු අද (17) බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව බගවන්ලාව පොලිසිය පැවසිය.
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ සහ කැම්පියන් ලින්ෆොඩ් වතු යායේ තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසක් මෙසේ බඹර ඇනීමෙන් ලක් වී තිබේ.
තුවාල ලැබු වතු කම්කරුවන් සිව්දෙනෙකු සහ එක් වතු කම්කරු කාන්තාවක් රෝහල් ගත කර ඇත.
තේ පදුරක් මත තිබු බඹර කුඩුවක් පයට පැගිමෙන් සහ ගසක් මත බැද තිබු බඹර කුඩුවක බඹර වදයක් කඩා ගැනිමට උකුස්සෙකු පහර දිම නිසා ඇවිස්සුණු බඹරුන් මෙසේ ඇවිස්සි තමන්ට පහර දුන් බව බඹර ඇනීමෙන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවෝ පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd