කොරෝනා මැද සාදයක් පැවැත්වූ නිවැසියාට නඩු
කොරෝනා වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරියකු සාදයකට සහභාගී වීම හේතුවෙන් නිකවැරටිය ,දියගම ප්‍රදේශයේ පුද්ගලයන් 165 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් එම සාදය පැවැත්වූ ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පැවරීමට පියවර ගත් බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (4) පැවසීය.