නුවරඑළිය අධිකරණයේ නඩු තාවකාලිකව අත්හිටුවන්නැයි නිතීඥ සංගමයෙන් ඉල්ලීමක්
කොවිඩ් 19 වයිරසය ආසාදනය වු අපරාධ විමර්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු නුවරඑළිය අධිකරණ සංකීර්ණයට පැමිණීම නිසා නුවරඑළිය මහාධිකරණය, දිස්ත්රික් අධිකරණය සහ මහෙස්ත්රාත් අධිකරණයේ නඩු කටයුතු 16 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවන ලෙස එම අධිකරණ භාර විනිසුරුවරුන්ගෙන් අද (04) ඉල්ලීමක් කළ බව නුවරඑළිය නීතිඥය සංගමයේ සභාපති නීතිඥ ගාමිණි සේනානායක මහතා පැවසීය.