විදේශ රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට
විදේශ රටවල රැකියා ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්රදේශවල පුද්ගලයින් රවටා රුපියල් කෝටි පහකට අධික මුදල් වංචාකර සැඟවී සිටිබව කියන පුද්ගලයෙකු පොලොන්නරුව,කදුරුවෙල,මුස්ලිම් කොළණිය ප්රදේශයේ නිවෙසකදී අද (12) අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලීසිය කියයි.