’’අධිෂ්ඨානයේ පාද යාත්රාව’’ අද නිට්ටඹුව සිට කැලණියට
දශක තුනකට ආසන්න කුරිරු ත්රස්තවාදී සටනේදී ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය නැංවීම පිණිස දෙනෙත් අහිමිවූ සහ පාදයක් ආබාධිත යුධ හා නාවික හමුදා රණවිරුවන් දෙදෙනෙකු යාපනය, නාගදීපයේ සිට කතරගම, කිරිවෙහෙර දක්වා ගමන් ගන්නා ’’ අධිෂ්ඨානයේ පාද යාත්රාව ’’ 22 වෙනි දිනට නිට්ටඹුව සිට කැලණි විහාරස්ථානය දක්වා අද (14) පෙරවරුවේ ගමන් ගත්තේය.