දිඹුලාගල මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ මහා සංඝරත්නය සහ නුවරගල ගම්මාන කිහිපයක ජනතාව නුවරගල මාර්ගය අවහිර කරමින් යක්කුරේ පාසල ඉදිරිපිට දී අද (06) විරෝධතාවයක නිරතවූහ. 06 February 2020
කේරළ ගංජා රැගෙන ක්‍රීඩා තරග බලන්න ආ සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට පූජාපිටිය අඹතැන්න ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසැලක නිවාසාන්තර ක්‍රීඩා තරඟය නැරඹීම සඳහා පැමිණ සිටි වෙනත් පාසැල් දෙකක සිසුන් දෙදෙනෙකු කේරළ ගංජා සමඟ අද(06) අත්අඩංගුවට ගත් බව පූජාපිටිය පොලිසිය කියයි. 06 February 2020
මැදිරිගිරියේ ගොවීහු පොහොර ඉල්ලා විරෝධයක මැදිරිගිරිය කවුඩුලුවැව ගොවි ව්‍යාපාරයේ සහනාධාර පොහොර නොලැබුණු ගොවීන්ට එම පොහොර ලබාදෙන ලෙස බල කරමින් අද(06) ගොවීහු පිරිසක් මැදිරිගිරිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ වහලය මතට නැග විරෝධතාවයක නිරත වූහ. 06 February 2020
ජනමාධ්‍ය ප්රඥප්තියේ මූලික කෙටුම්පතේ වැඩ අවසන් ජනමාධ්‍යවේදීන් සඳහා වෘත්තිය අයිතිවාසිකම් හා වගකීම් සම්බන්ධයෙන් සකස් කෙරෙන ප්රඥප්තියේ මූලික කෙටුම්පත මේ වනවිට සකසා අවසන් යැයි ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් මහතා ‘ලංකාදීප’ යට අද(6) පැවැසීය. 06 February 2020
නීතිවිරෝධීව පිටරටින් සිගරට් ගෙන්වූ අයෙකුට දඩ තීරු බදු නොගෙවා නීතිවිරෝධී ලෙස විදේශයක සිට මෙරටට ගෙන්වන ලද සිගරට් 8360ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(06) රුපියල් 25,000ක දඩයක් නියම කළේය. 06 February 2020
උපාධිධරයෝ 3500 ක් උපාධි ලබති ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ 32 වැනි සාමාන්‍ය උපාධි ප්රදානෝත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (6) පැවැත්විණි. 06 February 2020
ලක්ෂ දෙකක ගංජා සමඟ පුද්ගලයකු අත්අඩංගුවට රුපියල් ලක්ෂ දෙකක පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝග්‍රෑම් 6 ක් ග්‍රෑම් 985 ක් සමඟ පුද්ගලයකු කොස්ලන්ද අලුත්වෙල ප්‍රදේශයේ දී කුඩාඔය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අද (6) අත්අඩංගුවට ගෙන ඇතැයි කොස්ලන්ද පොලීසිය පවසයි. 06 February 2020
භාෂා පුහුණු ගුරුවරුන් පිරිසක් උද්ඝෝෂණයක පසුගිය රජය මගින් බදවා ගත් භාෂා පුහුණුගුරුවරුන්ගේ පුහුණුව ජනාධිපතිවරණය හේතුවෙන් අතරමඟ නවතා දැමීම නිසා එම පුහුණුව සදහා සහභාගී වූ එම පිරිසට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බවත් එම පුහුණුව නැවත ආරම්භ කරන ලෙසත් රජයට බලකරමින් පැවැත්වු උද්ඝෝෂණයක් අද (06) මා කුඹුර භාෂා පුහුණු මධ්‍යම ඉදිරිපිටදී පැවැත්විණි. 06 February 2020
මඩකලපුව මාර්ගයක තිබී සැරයන්වරයකුගේ සිරුරක් සොයාගනී මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙක්ගේ මළ සිරුරක් වව්නතිව් අයිත්තමලේ මාර්ගයේදි තිබියදී මොයාගෙන ඇත. 06 February 2020
තහනම් පන්න ක්‍රමයෙන් මසුන් මැරූ ධීවරයන් සිව්දෙනෙකු දැලේ තහනම් පන්න ක්‍රමයක් යොදා ගෙන වෙන්නප්පුව මුහුදෙහි අද ( 6) මසුන් මරමින් සිටි ධීවරයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත හැකිවු බව හලාවත සහකාර ධීවර අධ්යක්ෂ කාර්යාලය කියයි. 06 February 2020
නීතිවිරෝධී දුම්වැටි තොගයක් කටුනායකින් අල්ලයි විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියකු අද (6) අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 06 February 2020
මාතලේ ප්‍රදේශ කිහිපයකට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවයි මාතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පෙබරවාරි මස (06) වන බ්‍රහස්පතින්දා දින පෙරවරු 8.00 සිට පසුදා (07) සිකුරාදා පෙරවරු 8.00 දක්වා පැය 24 කාලයක් පහත ප්‍රදේශයන් සඳහා ජල සැපැයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි. 05 February 2020
ව්‍යාපෘති සහයක පත්වීම් බලාත්මක කරන්නැයි ඉල්ලා විරෝධතාවයක් ව්‍යාපෘති සහයක පත්වීම් 6500 ක් බලාත්මක කරන ලෙස ඉල්ලා ව්‍යාපෘති සහයක එකමුතුව සංවිධානය කළ විරෝධතාවයක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අද (05) පැවැත්විණි. 05 February 2020
උතුරු නැගෙනහිර ජලාශ කිහිපයකට ඉස්සන් මුදාහරී මිරිදිය මත්ස්‍ය කර්මාන්තය නගාසිටුවීම සඳහා උතුරු නැගෙනහිර පළාත්වල පිහිටි ජලාශ වලට ඉස්සන් පැටවුන් දසලක්ෂ හැටදහසක් ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය මුදා හරිනු ලැබ ඇත. 05 February 2020
බදුල්ල කාන්තාව ඝාතනයේ සැකකරු රිමාන්ඩ් බදුල්ල කයිලගොඩ නිවසක්තුළදි 48 හැවිරිදි කාන්තාවක් කපා කොටා ඝාතනය කළැයි සැකපිට බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද (5) නියෝග කළේය . 05 February 2020
බලපත් නැතිව මැණික් ගැරූ 5 ක් අත්අඩංගුවට බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් සිදු කරමින් තේ වත්තේ විශාල වළක් හාරා අනවසරෙන් මැණික් ඉල්ලම් සහිත පස් ගොඩ දමමින් සිටි සැකකරුවන් පස්දෙනෙකු අද (5) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසයි. 05 February 2020
දඹුල්ල වෑවල වැව මාර්ගය සාදා දෙන්නැයි වැසියෝ උද්ඝෝෂණයක දඹුල්ල වෑවල වැව ප්‍රධාන මාර්ගයේ වෑවලවැව ප්‍රදේශයේදී මාර්ගය අලුත්වැඩියා කර දෙන්නැයි ඉල්ලා (05) දින ප්‍රදේශවාසීහු මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වූහ. 05 February 2020
නුවරඑළියේ යෝජිත ප්‍රා.ලේ. කාර්යාල ස්ථාපිත කරන්නැයි ඉල්ලති පසුගිය රජය මගින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආරම්භ කිරීමට යෝජිත නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල කඩිනමින් ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතා වෙත ප්රීඩෝ සංවිධානය හා උඩරට වතු කම්කරුවෝ පිරිසක් එකතුව අද (05) ලිපියක් භාරදුන්හ. 05 February 2020
තීරුබදු රහිතව රටින් මත්පැන් ගෙන්වූ තිදෙනෙකු අත්අඩංගුවට තීරුබදු රහිතව ඉතාලියේ සිට මෙරටට ගෙන්වන ලද මත්පැන් බෝතල් 48ක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි. 05 February 2020
ව්‍යාජ රන් කැබැලි සමඟ අයෙකු අත්අඩංගුවට රණ්මිනිතැන්න ප්‍රදේශයේදී ව්‍යාජ රන් කැබලි කිහිපයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලිසිය කියයි. 05 February 2020
ලක්ෂ 6ක හෙරොයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට නුගේගොඩ ජනතා පොළේදී රුපියල් 600,000කට ආසන්න වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද(05) අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි. 05 February 2020
බීමත්ව බලපත් නැතිව යතුරුපැදි ධාවනය කළ දෙදෙනකුට දඩ බීමත්ව රියදුරු බලපත්‍රය සහ ලියාපදිංචි සහතිකය නොමැතිව යතුරුපැදි ධාවනය කළ බවට අධිකරණය හමුවේ වරදකරුවන් වූ විත්තිකරුවන් දෙදෙනෙකුට මුදලින් 112,500 ක දඩයක් කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා අද (5) නියම කළේය. 05 February 2020
වීරකැටියේ මව්පියෝ දෙවැනි දිනටත් විරෝධතාවයේ වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් 14 දෙනකු ඇතුළත් කර නොගන්නා බව කියමින් කුඩා දරුවෝ සහ මවුපියෝ පිරිසක් අද (5) වීරකැටිය රාජපක්ෂ විද්‍යාලය අසළ ප්‍රධාන මාර්ගයේදී දෙවැනි දිනටත් විරෝධතාවයේ නිරත වූහ. 05 February 2020
නීතිවිරෝධීව ගෙන්වූ දුම්වැටි සමඟ අයෙකු අත්අඩංගුවට නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් 20,000කට ආසන්න වටිනාකමින් යුතු විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයකු අලුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර කියයි. 05 February 2020
යාල වනය නැරඹීමට විද්‍යුත් ප්‍රවේශපත්‍ර අද සිට යාල වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට අද (5) සිට අන්තර්ජාලය හරහා විද්‍යුත් ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට හැකි බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 05 February 2020
යතුරුපැදියේ අසුන යට ගෙන ගිය ඩොලර් නෝට්ටු තොගයක් අල්ලයි යතුරුපැදියක අසුන යට සඟවා ප්‍රවාහනය කරන ලද ඩොලර් 100 මුදල් නෝට්ටු 706 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි. 05 February 2020
ආරණ්‍ය සේනාසනයකින් භාණ්ඩ සොරාගත් දෙදෙනෙකු අත්අඩංගුවට සාලියවැව නීලබැම්ම ප්‍රදේශයේ වසා දමා තිබූ ආරණ්‍ය සේනාසනයකින් සොරා ගත් ලක්ෂ තුනකට අධික භාණ්ඩ තොගයක් සහ ඒවා ප්‍රවාහනයට යොදා ගත් කැබ් රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (04) අත්අඩංගුවට ගත්බව සාලියවැව පොලිසිය කියයි. 04 February 2020
දියතලාව හමුදා කඳවුරේ ලාංකිකයෝ නිදහස් දිනය සමරති මාරාන්තික කොරෝනා වෛරසය පැතිර යෑම ආරම්භ වූ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් මුදාගත් ශ්‍රී ලාංකිකයෝ පිරිස දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ දී අද (4) 72 වැනි නිදහස් දිනය සැමරූහ. 04 February 2020
වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ගල්කිස්සේදී ගෝ ශ්‍රී ලංකා ආයතනය සංවිධානය කළ ‘‘වෙරළට නිදහස‘‘වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන එම ආයතනයේ සභාපති සුදත් අබේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) ගල්කිස්ස වෙරළ තීරයේදී පැවැත්විණි. 04 February 2020
ග්‍රේස්වෙස්ටන් කඳු තරණයට ගිය සරසවි සිසුන්ට බඹර ප්‍රහාරයක් තලවකැලේ , ග්‍රේස්වෙස්ටන් කඳුවැටිය තරණය කිරීමට ගිය සරසවි සිසුන් 12 දෙනෙක් බඹර ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා අද (04) ලිඳුල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි. 04 February 2020
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026