(ටී.කේ.ජී.කපිල)
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියකු අද (6) අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු මහනුවර, ගලගෙදර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි .
ඔහු අද (6) අලුයම 12.50 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 0557 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි.
ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලුවල රුපියල් 15,76,000 ක් වටිනා,විදේශීය නිෂ්පාදිත දුම්වැටි 31,200 ක් අඩංගු දුම්වැටි කාටූන් 156 ක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
එහිදී මෙම දුම්වැටි තොගය රාජසන්තක කර , මෙම ගුවන් මගීයාට රුපියල් 50,000 ක දඩයක් ගෙවන ලෙසද නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd