IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


යතුරුපැදියේ අසුන යට ගෙන ගිය ඩොලර් නෝට්ටු තොගයක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

යතුරුපැදියක අසුන යට සඟවා ප්‍රවාහනය කරන ලද ඩොලර් 100  මුදල් නෝට්ටු 706 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.

මන්නාරම නාරපුරම් හන්දියේ යුද හමුදා මාර්ග බාධකයේ දී හමුදාව හා පොලිසිය ඒකාබද්ධව සිදුකළ සෝදිසි මෙහෙයුමක දී  මෙම  නෝට්ටු තොගය හමු වී තිබේ.

යතුරුපැදිය පදවාගෙන පැමිණි 19 හැවිරිදි පුද්ගලයාගෙන් ඒ පිළිබඳ විමසීමේ දී මෙම මුදල් ලද ආකාරය පිළිබඳ පැහැදිලි තොරතුරක් ලබා නොදුන් බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා තලෙයිමන්නාරම - නැගෙනහිර මන්නාරම පදිංචි වයස අවුරුදු 19 හා 38 හැවිරිදි වියේ පසුවන්නනෝ වෙති.

මන්නාරම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

යතුරුපැදියේ අසුන යට ගෙන ගිය ඩොලර් නෝට්ටු තොගයක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 21 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 867 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2498 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site