(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යතුරුපැදියක අසුන යට සඟවා ප්‍රවාහනය කරන ලද ඩොලර් 100 මුදල් නෝට්ටු 706 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.
මන්නාරම නාරපුරම් හන්දියේ යුද හමුදා මාර්ග බාධකයේ දී හමුදාව හා පොලිසිය ඒකාබද්ධව සිදුකළ සෝදිසි මෙහෙයුමක දී මෙම නෝට්ටු තොගය හමු වී තිබේ.
යතුරුපැදිය පදවාගෙන පැමිණි 19 හැවිරිදි පුද්ගලයාගෙන් ඒ පිළිබඳ විමසීමේ දී මෙම මුදල් ලද ආකාරය පිළිබඳ පැහැදිලි තොරතුරක් ලබා නොදුන් බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා තලෙයිමන්නාරම - නැගෙනහිර මන්නාරම පදිංචි වයස අවුරුදු 19 හා 38 හැවිරිදි වියේ පසුවන්නනෝ වෙති.
මන්නාරම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd