නීතිවිරෝධී මත්පැන් බෝතල් 65 ක් අත්අඩංගුවට තීරුබදු රහිතව නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 3 ක් පමණ වටිනා විදේශීය මත්පැන් බෝතල් 65 ක් කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් අතුරුගිරියේ දී අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 31 January 2020
නීතිවිරෝධී දුම්වැටි විකිණු වෙළෙඳසැල් හිමියෙක් අත්අඩංගුවට තීරු බදු නොගෙවා රැගෙන ආ දුම්වැටි අලෙවියේ නිතරව සිටි වෙළඳසල් හිමියෙකු සහ එම දුම්වැටි බෙදාහැරීමේ නිරතව සිටි පුද්ගලයෙකු නීති විරෝධී බදු නොගෙවූ දුම්වැටි 360 ක් ද සමඟ හෝමාගම ගොඩගම ප්‍රදේශයේ අද (31) සැකපිට අත් අඩංගුවට ගත් බව පාදුක්ක සුරාබදු කාර්යාලය පවසයි 31 January 2020
පාදුක්ක රෝහල් කාර්ය මණ්ඩලය විරෝධතාවයක පාදුක්ක රෝහලේ කාර්ය මණ්ඩලය අද (31) උදෑසන සිට රාජකාරී වලින් ඉවත් වී විරෝධතාවක නිරත වුහ. 31 January 2020
කුඩු-පිස්තෝල සමඟ අත්අඩංගුවට ගත් තිදෙනා රඳවා ප්‍රශ්න කිරීමට අවසර රුපියල් කෝටි දෙසීයකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු හා මිලි මීටර් නවය වර්ගයේ නවීන පන්නයේ පිස්තෝල සමඟ බණ්ඩාරගම ගැලණිගම නිවසකදී අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා සහ සැකකරු පානදුර වැඩබලන මහෙස්ත්‍රාත් රමනී ද සේරම් මහත්මිය හමුවට ඉදිරිපත් කර දිනහතක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට පොලීසිය අවසර දුන්නේය. 31 January 2020
වල් අලි ප්‍රහාරයකින් වනජීවී අඩවි සහකාරවරයෙක් මරුට කළාඔය කුඩා බෙල්ලගෙකඩවල ප්‍රදේශයේදී වල් අලි ප්‍රහාරයකට ලක්වූ වනජීවී අඩවි සහකාරවරයෙක් එම ස්ථානයේදීම අද (30) මියගොස් ඇත. 30 January 2020
‘මියන් කුමාර’ට කෘෘර ලෙස සැලකීම ගැන පරීක්ෂණයක් මියන්මාර රජය විසින් මෙරට බෞද්ධ විහාරස්ථානයකට මීට වසර 6කට පෙර පරිත්‍යාග කළ ‘මියන් කුමාර ‘ හස්තියාට කෘර ලෙස සැළකුවා යැයි කිය සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරික්ෂණයක් පවත්වා, පසුව ඒ ගැන එරට රජය දැනුම් දීමට කටයුතු කරන බව විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (30) පැවසීය. 30 January 2020
රත්මලාන අන්ධ විද්‍යාලයට පෙර පාසලක් රත්මලාන අන්ධ විද්‍යාලයේ හෙට (31) සිට අලුතින් පෙරපාසලක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. 30 January 2020
වැටලීම් වලදී අත්අඩංගුවට ගැනීමේ බලතල පරිසර පොලිස් කොට්ඨාසයට නෑ පොලිතින් වර්ග තුනක් සහ ක්‍රියාකාරකම් දෙකක් තහනම් කරමින් 2017 දී පැනවුණු නීතිය යටතේ පොලිසියට අත්අඩංගුවට ගැනීමේ බලතල ලැබී නොතිබීම හේතුවෙන් එම නීතිය නිසිඅයුරින් ක්‍රියාත්මක කළ නොහැකි වී ඇතැයි පරිසර පොලිස් කොට්ඨාසය කියයි. 30 January 2020
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන දීමට කමිටු කාර්යාලයක් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ පරිපාලන වශයෙන් දේශපාලන පළිගැනීම්වලට ලක්වූ සේවකයින්ට සහන සලකා බැලීමේ කමිටු කාර්යාලය විවෘත කිරීම අද (30) පස්වරුවේ කොළඹ -2 පාර්ක්ලන්ඩ් ගොඩනැගිල්ලේ දී පිහිටි එම මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. 30 January 2020
හෝර්ටන්තැන්නේ විශේෂිත තෘණපැගු අයෙක්ට දඩ හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ ඇතුළුවීම තහනම් කර ඇති තණ පිට්ටනි තුළට ඇතුළු වී එහි සැරි සරමින් සිටීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයකු හට රුපියල් 20,000 ක දඩයක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (30) නියෝග කළේය. 30 January 2020
බඹරු ඇනීමෙන් වතුකම්කරු කාන්තාවෝ 10 ක් රෝහලේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරුවන් පිරිසකට බඹරු ඇනීමෙන් තුවාල ලැබූ වතුකම්කරු කාන්තාවන් 10 දෙනෙකු අද (30) බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි එ.එස්.කේ.ජයසුරිය මහතා පැවසීය. 30 January 2020
මී ගවයන් මරා මස් කළ සිව්දෙනෙකු අත්අඩංගුවට බේරුවල හෙට්ටියාකන්ද ප්‍රදේශයේදී මී ගවයන් හතරදෙනෙකු මරා මස් කළ සිව්දෙනෙකු අද(30) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි. 30 January 2020
බේරුවල නල ජලයට කරදිය මුසුවෙලා ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් පාරිභෝගිකයන්ට බෙදාහරින නල ජලයට කරදිය මුසුවීමෙන් බේරුවල නල ජල භාවිත කරන ලක්ෂ ගණනක ජනතාව පීඩාවට පත්ව සිටින බව ජනතාව පවසති. 30 January 2020
ජපුර ‘දිරිය අරුණ’ යටතේ අඩු පහසුකම් සහිත පාසලකට ගොඩනැගිල්ලක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨය මගින් ක්‍රියාත්මක කරන ‘දිරිය අරුණ’ සමාජ සත්කාරක වැඩසටහනේ 22 වන අදියර යටතේ බස්නාහිර පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ හෝ ගාල්ල දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත පාසලකට ගොඩනැගිල්ලක් සකසා දීමට පියවර ගෙන තිබේ. 30 January 2020
අනුලා විද්‍යාලයේ ගුරුවන්ගෙන්-මව්පියන්ගෙන් පැමිණිල්ලක් නුගේගොඩ අනුලා විද්‍යාල පරිශ්‍රයට බාහිර පුද්ගලයන් පිරිසක් පැමිණ එහි ගුරුවරුන්ට හා මවුපියන්ට මරණ තර්ජන එල්ල කළැයි මවුපියන් හා ගුරුවරු පිරිසක් පැමිණිල්ලක් කර ඇතැයි මිරිහාන පොලිසිය පවසයි. 30 January 2020
ටෝලර් යාත්‍රාවකින් රන් තොගයක් ගෙනා ඉන්දීය ජාතිකයින් 4 ක් අත්අඩංගුවට කල්පිටිය අන්තයේ ඉන්දීය මුහුදුසීමාවේදී නීතිවිරෝධී ලෙස ටෝලර් යාත්‍රාවකින් රන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි ඉන්දීය ජාතිකයින් සිව් දෙනෙකු අත් අඩංගුවට ගත්බව කල්පිටිය නාවික හමුදා ඒකකය පවසයි. 30 January 2020
විදුහල්පති-ගුරුවරයකු මාරු කරන්නැයි ඉල්ලා හැටන් විරෝධතාවක් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන මස්කෙළිය සාමිමලේ ගවරවිල දමිළ මහ විද්‍යාලය ඉදිරිපිට සිසු සිසුවියෝ සහ ඔවුන්ගේ මව්පියවරු අද(30) උද්ඝෝෂණයක නිරත වූහ. 30 January 2020
මත්කුඩු-පිස්තෝල සමඟ තිදෙනෙකු අත්අඩංගුවට හොරණ බණ්ඩාරගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මත්කුඩු කිලෝ 150 ක්, පිස්තෝල 10 ක්, මැගසින් 19 ක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 30 January 2020
වායු රයිෆලයක් සමඟ සංචාරක මගපෙන්වන්නෙකු අත්අඩංගුවට සිය නිවසේ වායු රයිෆලයක් තබාගෙන සිටි සංචාරක මගපෙන්වන්නෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ රාජගිරිය කඳවුරේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. 30 January 2020
ගංජා කිලෝ 50ක් සමඟ දෙදෙනකු අත්අඩංගුවට උඩවලව නාලියවන රක්ෂිතයේ වාඩියක් තුළදී වියළි ගංජා තොගයක් උරවලට දමමින් සිටි සැකකරුවන් දෙදෙනකු අද (29) අත්අඩංගුවට ගත්බව පොලිස් විශේෂ කාර්යය බලකායේ හම්බන්තොට කඳවුරේ නිලධාරීයෙකු පැවසීය. 29 January 2020
බදුල්ලේදී කාන්තාවක් ඝාතනයට යොදා ගත් පිහිය සොයාගනී බදුල්ල කයිලගොඩ ප්‍රදේශයේ නිවසක් තුළදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බදුල්ල පොලිසිය අද (29) එම නිවස අසළ පිහිටි සොහොන්බිමක තිබී පිහියක් , කතුරක් , වෙලුම්පටියක් සහ මත්පැන් බෝතලයක් සහිත බෑගයක් සොයාගෙන තිබේ. 29 January 2020
ගංජා පාර්සලයක් ළඟ තබාගෙන සිටි කාන්තාවකට දඩ අලවි කිරීම සඳහා ගංජා පාර්සලයක් ලඟ තබාගෙන සිටි කාන්තාවකට අද (29) බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා රුපියල් 5,000 ක දඩයක් නියම කළේය. 29 January 2020
ලක්ෂ 15 ක වියළි ගංජා සමඟ තරුණයකු අත්අඩංගුවට තණමල්විල නහලිය වන රක්ෂිතයේ දී රුපියල් ලක්ෂ 15 ක් වටිනා වියළි ගංජා කිලෝග්‍රෑම් 50 ග්‍රෑම් 500 ක් සමඟ පුද්ගලයකු අද (29) පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් අත්අඩංගුවට ගත් බව තණමල්විල පොලීසිය පවසයි. 29 January 2020
ලැඟුම්හල්හි හිඳ මත්කුඩු අලෙවි කළ දෙදෙනකු එස්ටීඑෆ් දැලේ කොළඹ ලැගුම්හල්වල කාමර කුලියට ලබාගෙන ඒවා තුළ සිට මත්කුඩු පැකට් කර අලෙවි කරන පුද්ගලයන් දෙදෙනකු මරදානේ දී විශේෂ කාර්ය බලකායේ බට කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 29 January 2020
ගංජා පාර්සලයක් සමග කතක් අත්අඩංගුවට අලෙවි කිරීම සඳහා ගංජා පාර්සලයක් ළඟ තබාගෙන සිටි කාන්තාවක මීගහකිවුල අරාව ප්‍රදේශයේදී අද ( 29 ) සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි. 29 January 2020
වෛද්‍යවරයාට පහරදුන් පෞද්ගලික බස් සේවකයින් දෙදෙනා රිමාන්ඩ් හපුතලේ රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පෞද්ගලික බස් රථයක සේවකයින් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 6 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරේහේන මහතා අද (29) නියෝග කළේය. 29 January 2020
අතුරුදන් වූ සිසුවාගේ සිරුර සොයාගනී පානදුර මුහුදු වෙරළේ විනෝදයට දියනාමින් සිටියදී අතුරුදන් වූ 17 හැවිරිදි සිසුවාගේ මළ සිරුර අද(29) ඒ ආසන්නයේ මුහුදු වෙරළට ගොඩගසා තිබූ බව පානදුර පොලිසිය කියයි. 29 January 2020
හෙරොයින් ළඟ තබාගත් අයෙකු රිමාන්ඩ් හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් පුද්ගලයකු පෙබරවාරි මස (06) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (29) දා නියෝග කළේය. 29 January 2020
දෙවැනි බිරියට පිහියකින් ඇන තුවාල කළ සැමියා රිමාන්ඩ් දෙවැනි බිරියගේ අත් දෙකට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කළා යැයි කියන සැමියෙකු ලබන මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (29) දා නියෝග කළේය. 29 January 2020
ඉදිරී වැටුණු බෝධීන් වහන්සේ වෙනුවෙන් ආදාහන පූජෝත්වයක් යක්කලමුල්ල ඓතිහාසික උඩුමලගල ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ පිහිටා තිබූ ඉපැරණි බෝධීන් වහන්සේ ඉකුත්දා ඉදිරී වැටුණි. 29 January 2020
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026