(ශාන්ත චන්ද්‍රසිරි)
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ ඇතුළුවීම තහනම් කර ඇති තණ පිට්ටනි තුළට ඇතුළු වී එහි සැරි සරමින් සිටීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයකු හට රුපියල් 20,000 ක දඩයක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (30) නියෝග කළේය.
මෙලෙස දඩ නියම වුයේ මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවකුටය.
වනෝද්‍යානයේ ඇතුළත පිහිටි මහජනතාවට ඇතුළුවීමට තහනම් කර ඇති විශේෂිත වූ තණ පිට්ටනියක් මත මෙම සැකකරු නිකරුණේ ඇවිදිමින් සිටියදී අත්අඩංගුවට ගත් බව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ අඩවි සහකාර පී.එම්.පී.පනාවලගේ මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ බාරකරු පී. කේ. පී. එම්. ප්‍රදීප් කුමාර, වන සත්ත්ව නියාමක උදාර සංකල්ප යන නිලධාරී මහත්වරුන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd