(ඩී.ජී.සුගතපාල)
සිය නිවසේ වායු රයිෆලයක් තබාගෙන සිටි සංචාරක මගපෙන්වන්නෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ රාජගිරිය කඳවුරේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කොස්ගොඩ පිටියගොඩ පදිංචි 34 හැවිරිදි අයෙකි.
හෙරොයින් මිලිග්‍රෑම් 1700ක් සමඟ මොහු අත්අඩංගුවට ගෙන නිවස ද පරීක්ෂා කිරීමේදී මෙම රයිෆලය හමුවී තිබේ.
සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා අහුන්ගල්ල පොලිසිය වෙත බාරදි ඇති අතර අද(30) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වායු රයිෆල් තියන් ඉන්න තහනමක් නෑනේ ලංකාවේ.
වායු රයිපලය තහනම් ගිනිඅවියක්ද?
වායු රයිෆලයක් ලග තියා ගන්න පුලුවන් ගිනි අවි පනත අංක 2
වායු රයිපලය ලග තිබ්බට නඩු වැටෙන්නේ නැහැ බයවෙන්න එපා. කුඩු වලට විතරයි නඩු.