IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


වල් අලි ප්‍රහාරයකින් වනජීවී අඩවි සහකාරවරයෙක් මරුට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කළාඔය කුඩා බෙල්ලගෙකඩවල ප්‍රදේශයේදී වල් අලි ප්‍රහාරයකට ලක්වූ වනජීවී අඩවි සහකාරවරයෙක් එම ස්ථානයේදීම අද (30) මියගොස් ඇත.

මෙසේ මරණයට පත්වී ඇත්තේ පුත්තලම නගරයේ පදිංචි පී.එම්.ඒ.ඩි.වෙන්දකඩුව නැමැති 57 හැවිරිදි පුද්ගලයෙකි.

කළාඔය අඩවියට අයත් කුඩාබෙල්ගෙකඩවල ප්‍රදේශයේ කුඩා ගල්ගෙ විහාරය පසුපස සිටි වන අලියකු ඇල්ලීමේ මෙහෙයුමක නිරත වී සිටියදී එම වන අලියාගේ ප්‍රහාරයට ලක්වී අඩවි සහකාරවරයා මරණයට පත්වී ඇත.

වනජීවී නිලධාරීන් නිර්වින්දන එන්නත් ලබාදී අලියාගේ පාද හා දැත් කඹ ආධාරයෙන් ගැට ගැසීමට සුදානම් වන අවස්ථාවේ එකවරම අලියා අඩවි සහකාරවරයාට පහර දී පගා තිබේ.

වන අලියාගේ ප්‍රහාරයට ලක්වූ අඩවි සහකාරවරයා තබුත්තේගම රෝහලට ඇතුළත් කරන විටත් මරණයට පත්වී සිටි බව වන ජීවි නිලධාරියෙක් පැවසීය.

 



අදහස් (0)

වල් අලි ප්‍රහාරයකින් වනජීවී අඩවි සහකාරවරයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site