මත්තලට එන අලි පන්නන්න විශේෂ කණ්ඩායමක් ඉල්ලයි මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට ප්‍රදේශවලට නිරන්තරයෙන් පැමිණෙන වල් අලි පලවා හැරීම සඳහා වනජීවී නිලධාරීන් කණ්ඩායමක් ඒ වෙත යොමු කරන ලෙසට හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළ බව එහි ප්‍රධාන කළමනාකරු උපුල් කලංසූරිය මහතා කීය. 04 February 2020
වෑන් රථයක් දුරකතන කණුවේ ගැටී 6ක් රෝහලේ කොළඹ- ගාල්ල මහා මාර්ගයේ පයාගලදී වෑන් රථයක් දුරකතන කණුවක ගැටී පෙරළීයාමෙන් හයදෙනෙකු තුවාල ලබා කළුතර මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පයාගල පොලිසිය කියයි. 04 February 2020
ධීවර පවුල් වලට සහනදායි ණය ධීවර පවුල් නගාසිටුවීම සඳහා සහනදායි කොන්දේසි මත පදනම්ව රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 10 දක්වා සීමාවකට යටත් ණය ලබාදීමේ ව්‍යාපෘතියක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ආරම්භ කරනු ලැබ තිබේ. 04 February 2020
රිය අනතුරකින් තරුණියක් මරුට බිබිල මහියංගන මාර්ගයේ ත්‍රි රෝද රථයක් පැදවීමට පුහුණු වෙමින් සිටි තරුණියක හෑපොළ ප්‍රදේශයේ මෝටර් රථයක ගැටී අද(04) මිය ගිය බව පොලිසිය කියයි. 04 February 2020
ගසකට නැගුණු අයෙක් උපවාසයක බේරුවල වෙරළ ක්‍රීඩාංගනයට යාබදව කොට්ටම්බා ගසකට නැගුණු පුද්ගලයකු අද (04) ’’ එකම රටක එකම නීතියක්’’ ක්‍රියාත්මක කරන්නැයි පුවරුවක් ප්‍රදර්ශනය කරමින් එම ගස මත උපවාසයක නිරත වෙමින් සිටින බව පොලිසිය කියයි. 04 February 2020
කඩු තුනක් සමඟ අයෙකු අත්අඩංගුවට කඩු තුනක් ළග තබාගෙන සිටි පුද්ගලයකු දෙද්දුවත්ත ප්‍රදේශයේ දි අද (04) අත්අඩංගුවට ගත්බැව් බද්දේගම පොලිසිය පවසයි. 04 February 2020
කයිලගොඩ කාන්තා ඝාතනයට අයෙකු අත්අඩංගුවට බදුල්ල කයිලගොඩ ප්‍රදේශයේ නිවසක් තුළදි දෙදරුමවක් අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කළ බවට සැකකරන පුද්ගලයකු ෙ අද(4) මොණරාගලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 04 February 2020
ලබුදූව උසස් තාක්ෂණායතනයේ සිසුහු විරෝධතාවක ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ සිසු සිසුවියෝ පිරිසක් අද (03) සවස ගාල්ල නගරයේදි උද්ඝෝෂණයක නිරත වූහ. 03 February 2020
මාදු ගං ඉවුරුවල කඩොලාන ශාක සිටුවයි කඩොලාන ශාක නැවත සිටුවීමේ වැඩසටහනක් මාදු ගඟේ දූපත්හි ගං ඉවුරුවල දී අද (3) දහවල් පැවැත්විණි. 03 February 2020
සුදුසුකම් ඇති විදුහල්පතිවරයෙකු දෙන්නැයි සිසුහු විරෝධතාවක හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන මස්කෙළිය සාමිමලේ ගවරවිල මහ විද්‍යාලයේ සිසු සිසුවියෝ සහ මව්පියවරු අද(03) විරෝධතාවක නිරතවූහ. 03 February 2020
ගව ප්‍රවාහනයට දකුණේ බලපත් අත්හිටුවයි ගවයන්ට වැළඳෙන කුර සහ මුඛ රෝගය දකුණු පළාතේ පැතිරයාම වැළැක්වීම සඳහා මෙම සත්වයන් ප්‍රවාහනය කිරීමට බලපත්‍ර ලබාදීම අත්හිටුවා ඇතැයි අද (03) ඉමදූව පශු වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය මධුරි ජයවික්‍රම මහත්මිය පැවසුවාය. 03 February 2020
ගිංතොට තූනි ලෑලි සංස්ථාවට අයත් ඉඩමක් රජයට පවරාගන්නැයි පෙත්සමකට අත්සන් ගනී ගිංතොට තුනී ලෑලි සංස්ථාව පිහිටි අක්කර 17 ක වපසරියකින් යුතු ඉඩම වහාම රජයට පවරා ගන්නා ලෙස ඉල්ලමීන් මහා සංඝරත්නය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ ප්‍රජා සංවිධාන රැසක සාමාජිකයෝ අද (03) කරාපිටිය නගරයේ සහ ගාල්ල නගරයේ මහජන පෙත්සමකට අත්සන් ලබාගත්හ. 03 February 2020
හෙරොයින් ළඟ තබාගත් කාන්තාව රිමාන්ඩ් හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ සිද්ධියකට අදාළව රැඳවුම් නියෝග මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවා තබාගෙන සිටි සැකකාරියක් ලබන 17 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.අයි.කේ. කාහිංගල මහත්මිය අද (3) නියෝග කළාය. 03 February 2020
වැලිගම ගම්වැසියෝ විරෝධතාවයක වැලිගම - අකුරැස්ස ප්‍රධාන මාර්ගය හරස් කරමින් වැලිගම ප්‍රදේශවාසීහු පිරිසක් අද (3 ) විරෝධතාවක නිරත වුහ. 03 February 2020
නකල්ස් වනයේ පැළ සිටුවයි ලෝක උරුම නකල්ස් වන පෙතේ වන ඝණත්වය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක වන පැළ රෝපණ වැඩසටහනක් පිටලවල-රෙඩ්බානාගම රක්ෂිත ප්‍රදේශයේදී පැවැත්විණි. 03 February 2020
ත්‍රිරෝද රථ රියැදුරු ඝාතනය කර රුපියල් 1000ක් කොල්ල කාලා ජා ඇල ඒකල මොන්ටානා හන්දියේ දී පුද්ගලයන් දෙදෙනකු ති‍්‍රරෝද රථ රියදුරයකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඔහු සතුව තිබු රුපියල් 1000 ක මුදලක් සොරාගෙන ගොස් ඇතැයි ජා ඇල පොලිසිය කියයි. 03 February 2020
වීරකැටියේ පාසලකට ළමුන් නොගත්තැයි මව්පියවරු විරෝධතාවක වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් 14දෙනකු ඇතුළත් නොකරගත් බව කියමින් මව්පියවරු පිරිසක් අද(3) සිය දරුවන්ද සමඟ වීරකැටිය රාජපක්ෂ විද්‍යාලය අසළ ප්‍රධාන මාර්ගයේදී විරෝධතාවක නිරත වූහ. 03 February 2020
ලක්ෂ තුනක ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට කොස්ලන්ද අලුත්වෙල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ තුනක් පමණ වන වියළි ගංජා කිලෝ ග්‍රෑම් 10 ක් සමඟ පුද්ගලයෙක් අද (02) පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇතැයි කොස්ලන්ද පොලිසිය පැවසීය. 02 February 2020
රිය අනතුරකින් කාන්තාවක් මරුට හලාවත පුත්තලම ප්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී අද (02) සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයින් සිව්දෙනෙකු හලාවත රෝහලට ඇතුළත් කර ඇති බව ආරච්චිකට්ටුව පොලිසිය පැවසීය. 02 February 2020
දෙනුවර මැණිකේ දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ දෙනුවර මැණිකේ දුම්රියේ ගැටී පුද්ගලයකු ජිවිතක්ෂයට පත් වී ඇති බව හැටන් පොලිසිය පවසයි. 02 February 2020
බදුල්ලේ දෙදරු මවගේ ඝාතකයින් සොයා කණ්ඩායම් 7 ක් බදුල්ල කයිලගොඩ ප්‍රදේශයේ දෙදරු මවක කෲර අන්දමින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබද ලද තොරතුරු රාශියක් ඔස්සේ ක්‍රියාකාරී බුද්ධි ඒකක තුනක් ඇතුළු පොලිස් කණ්ඩායම් හතක් විමර්ශන සිදුකරමින් සිටින බව පොලීසිය සදහන් කරයි. 02 February 2020
ගමට ගෙයක් - රටට හෙටක් ගිරිබාවෙන් ඇරඹේ ගමට ගෙයක් - රටට හෙටක් ජාතික වැඩසටහන අරඹමින්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් අසරණ පවුලක් වෙනුවෙන් ගිරිබාවේ ඉදිවෙන පළමු නිවසේ වැඩ ආරම්භ කිරීම අද (01) සිදුකෙරිණි. 01 February 2020
නෙදර්විල් කඳුවැටියේ ගින්නක් ඇල්ල හෙල හල්පේ නෙදර්විල් කඳුවැටියේ අද (1) හවස ඇති වූ හදිසි ගින්නකින් එම කඳුවැටියේ අක්කර 4ක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි ඇල්ල පොලීසිය පවසයි. 01 February 2020
බඹර ප්‍රහාරයකින් 4ක් රෝහලේ ඇල්ල දෙමෝදර ආරුක්කු නවය පාලම නරඹමින් සිටි විදේශීය සංචාරකයින් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ විදේශීය සංචාරකයින් සිවු දෙනෙකු අද (01) හවස දෙමෝදර රෝහලට ඇතුළත් කර ඇතැයි ඇල්ල පොලීසිය පවසයි. 01 February 2020
ගංජා පාර්සලයක් සමග 2ක් අත්අඩංගුවට නීති විරෝධී අයුරින් ගංජා පාර්සලයක් ළඟ තබා තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (01) උදෑසන ගිරාඳුරුකෝට්ට නගරයේ දී ගංජා පාර්සලය ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 01 February 2020
කාන්තාවක කපා කොටා ඝාතනය කරලා කල්පිටිය ඒත්තාල ප්‍රදේශයේදී අද (31) 75 හැවිරිදි කාන්තාවක කපා කොටා ඝාතනය කර ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි. 31 January 2020
බලපත්‍රයක් නොමැතිව වැලි කැණීම කළ අයෙක් අත්අඩංගුවට බලපත්‍රයක් නොමැතිව වැලි කැණීම් සිදුකළ අයෙක් බැකෝ යන්ත්‍රයක් සමඟ අද (31) අත්අඩංගුවට ගත් බව මාරාවිල පොලිසිය කියයි. 31 January 2020
හල්දුම්මුල්ල රජයේ පයිනස් වගාවක ගින්නකින් හල්දුම්මුල්ල ගිනිගත් ගල කන්දේ රජයේ පයිනස් වගාවක අද (31) රාත්‍රී 8.00 පමණ විශාල ගින්නක් හටගෙන ඇති බව වන සංරක්ෂණ නිලධාරීහු පවසති. 31 January 2020
කොස්ලන්දේ රක්ෂිතයක ගින්නක් කොස්ලන්ද අක්කර සීය උඩ තලාව කැලෑ රක්ෂිතයේ අද (31) හටගත් ගින්නක් විශාල වශයෙන් පැතිර යන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 31 January 2020
මලපොල රක්ෂිතය ආසන්නයේ රජයේ පයිනස් වගාවක ගින්නක් ඌවපරණගම මලපොල රක්ෂිතය ආසන්නයේ පිහිටි පයිනස් වගාවක අද (31) ඇති වූ හදිසි ගින්නකින් අක්කර 30 ක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි ඌවපරණගම පොලිසිය පවසයි. 31 January 2020
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026