(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල වෙරළ ක්‍රීඩාංගනයට යාබදව කොට්ටම්බා ගසකට නැගුණු පුද්ගලයකු අද (04) " එකම රටක එකම නීතියක්" ක්‍රියාත්මක කරන්නැයි පුවරුවක් ප්‍රදර්ශනය කරමින් එම ගස මත උපවාසයක නිරත වෙමින් සිටින බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා කාලවිල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙකු බවත් තමන්ට පොලීසිය මගින් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකළ බවත් පැවසීය.
එම ස්ථානයට පැමිණි කළුතර සහකාර පොලිස් අධිකාරි නිශාන් සිල්වා මහතා පුද්ගලයාට ගසෙන් බැස තමන්ට වූ අසාධාරණය හෝ ඉල්ලීම පවසන ලෙස දැන් වුවද එම පුද්ගලයා ගසෙන් බැසීම ප්‍රතික්ෂේප කළේය.
පෙරවරු 8.00 ට පමණ මෙම පුද්ගලයා අඩි 30ක් පමණ උස එම ගසට නැඟ ඇති අතර 12:00 වනවිටත් ගසේ රැඳී සිටිමින් උපවාසයේ නිරත වන බව ආකාරය දැක ගැනීමට හැකි විය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගසකට නැගුණු අයෙක් උපවාසයක
ravi Tuesday, 04 February 2020 08:28 AM
මේ වගේ දේවල් වලට කාලය සහ මුදල් වැයවෙන ප්‍රතිකාර හොයනවට වඩා හොඳයි පොඩි කොලුවෙකුට කැටපෝලයක් අතට දීලා විදපන් පුතේ කිව්වනම්.