(නිකවැරටිය ප්‍රියානි මංගලිකා )
ගමට ගෙයක් - රටට හෙටක් ජාතික වැඩසටහන අරඹමින්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් අසරණ පවුලක් වෙනුවෙන් ගිරිබාවේ ඉදිවෙන පළමු නිවසේ වැඩ ආරම්භ කිරීම අද (01) සිදුකෙරිණි.
මෙම නව නිවස ඉදිවන්නේ, ගිරිබාව නිරාවේරිය ප්‍රදේශයේ ස්ථිර නිවසක් නොමැතිව පැල්පතක ජීවත්වෙන අසරණ පවුලක් වෙනුවෙනි.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව දිලිඳු පවුල් සඳහා නිවාස සාදා දීමේ වැඩසටහන ගිරිබාවෙන් ආරම්භ කරණ ලදුව දිවයිනේ සියලුම මැතිවරණ කොට්ඨාශ වල ඉදිරියේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ අගමැති මහින්ද රාජපක්ෂ, මහා මාර්ග, වරාය, නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහතුන් සහ මැතිඇමති වරුන්, මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුලුව විශාල පිරිසක්ද එක්ව සිටියහ.


COMMENTS
නැති බැරි අයට ගෙයක් නිකන් දෙන ගමන් අදායම් මාර්ගයක් හදාගන්න මග පෙන්වන්න. එක ගෙයක් හදලා දෙන්න ලොකු පතරංග ඵලකයක් හදන්න අවශ්‍යනැහැ .මැති ඇමති ගොඩක් වාහන වල ඔතන යන්න දෙයක් නැහැ . දේශපාලනයේ ලකුණු රැස්කිරීම ගැනමයි කවුරුත් හිතන්නේ . නාස්තිය අවම කරන්න බැලුවනම් තමා වටින්නේ.
අර අපිට දෙනවා කියපු සහන මල්ල අපිට ලැබෙන්නේ කවද්ද?