(අනීෂා මානගේ)
වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් 14දෙනකු ඇතුළත් නොකරගත් බව කියමින් මව්පියවරු පිරිසක් අද(3) සිය දරුවන්ද සමඟ වීරකැටිය රාජපක්ෂ විද්‍යාලය අසළ ප්‍රධාන මාර්ගයේදී විරෝධතාවක නිරත වූහ.
තම දරුවන්ව පාසලට ඇතුළත් කර නොගැනීම හේතුවෙන් අසාධාරණයක් සිදුව ඇතැයි කී මව්පියවරු මේ වන තෙක් දරුවන්ට විද්‍යාලයක් නොමැති බවද පැවැසූහ.
වසර පහළොවකට පමණ ඉහතදී වසා දැමුණු කුඩාබැඳිවැව පාසල අයත් කුඩාබැඳිවැව ගම්මානයේ සිසුදරුවෝ 8දෙනක්ද මෙම විරෝධතාවට එක්ව සිටියහ. ඔවුන්ගේ මවුපියවරුන් පැවසුවේ තමන්ට ආසන්නයේ ඇති වාඩියසිල්වා විද්‍යලය හේතුවෙන් ලකුණු පහක් අඩු කර ඇති බවයි. වාඩියසිල්වා විද්‍යාලයට යාමට නිසිආකාර මාර්ගයක් නොමැති බවද පාගමනින් පමණක් එම විද්‍යාලයට යාමට හැකි බවද, ගුවන් මාර්ගය ඔස්සේ සිතියම්ගත කිරීමෙන් එම පාසල තම දරුවන්ට ළඟම පාසල ලෙස තෝරාගෙන තිබීම තමන්ට අසාධාරණ බව මවුපියවරු කීහ. කුඩාබැඳිවැව ගම්මානයේ දරුවන් 2019 වසර වන තෙක් වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයට ගත්තද මෙම වසරේදී තම දරුවන් එම විද්‍යාලයට නොගන්නා බවද ඔවුහු කීහ.
විද්‍යාලය ආසන්නයේ පදිංචි වී සිටියද ඔප්පු නොමැති වීම හේතුවෙන්ද ඇතැම් දරුවන් විද්‍යාලයට ඇතුළත් කර ගෙන නොමැති බව ඇතැම් මවුවරු පැවැසූහ.
දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා සහ වලස්මුල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන්ට කිහිපවාරයක් තම ගැටළු ඉදිරිපත් කළද මේවන තෙක් තමන්ට නිසි විසඳුමක් නොලැබුණු බව මව්පියවරු සඳහන් කළහ.
වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමට උත්සාහ කළද නිසි පිළිතුරක් ලබා දීමට කිසිවෙකුත් නොමැති බව කියමින් විද්‍යාලය තුළට ඇතුළු වීමට මාධ්‍යවේදීන්ට අවසර නොලැබිණි.
වලස්මුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චන්න වීරසේකර මහතාගෙන් කළ විමසීමේදී ඔහු පැවසූයේ, වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු කමිටුව රැස්කිරීමෙන් මෙම දරුවන් විද්‍යාලයට ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට කටයුතු කරන බවය.



2025 නොවැම්බර් මස 17
22
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වීරකැටියේ පාසලකට ළමුන් නොගත්තැයි මව්පියවරු විරෝධතාවක