(රංජිත් රාජපක්ෂ)
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන මස්කෙළිය සාමිමලේ ගවරවිල මහ විද්‍යාලයේ සිසු සිසුවියෝ සහ මව්පියවරු අද(03) විරෝධතාවක නිරතවූහ.
දේශපාලන බලපෑමක් මත විදුහල්පති තනතුර සඳහා සුදුසුකම් නොමැති අයෙකු තම පාසලට නව විදුහල්පතිවරයා වශයෙන් පත් කර එවා ඇති බවත් පවසමින් ඔවුහු විරෝධතාවයේ යෙදුණහ.
සිසු සිසුවියන් 1000ක් පමණ අධ්‍යාපනය ලබන එම පාසලේ මෙතෙක් කල් විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළ අයෙකු දෙමව්පියන්ගේ සහ සිසු සිසුවියන්ගේ ඉල්ලීම මත වෙනත් පාසලකට මාරු කිරීමට හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා කටයුතු කර තිබුණි. නව විදුහල්පතිවරයා අද වැඩ භාරගැනීමෙන් පසුව ඔවුහු විරෝධතාවයේ යෙදුණහ.
සාමිමලේ හැටන් ප්‍රධාන මාර්ගය සාමිමලේ ඕල්ටන් මංසන්ධියෙන් දක්වා අවහිර කරමින් පැවති මෙම උද්ඝෝෂණය හේතුවෙන් ගමනාගමන කටයුතු පැය දෙකකට ආසන්න කාලයක් සම්පූර්ණ ඇනහිටියේය.
මස්කෙළිය පොලිසියේ නිලධාරීන් පැමිණ ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබාදෙන බවට දුන් පොරොන්දුවක් මත උද්ඝෝෂණය තාවකාලිකව නතර කිරීමට එම පිරිස කටයුතු කළහ.




2025 නොවැම්බර් මස 17
22
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සුදුසුකම් ඇති විදුහල්පතිවරයෙකු දෙන්නැයි සිසුහු විරෝධතාවක