(රංජිත් රාජපක්ෂ)
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ දෙනුවර මැණිකේ දුම්රියේ ගැටී පුද්ගලයකු ජිවිතක්ෂයට පත් වී ඇති බව හැටන් පොලිසිය පවසයි.
දුම්රිය අද (2) උදැසන 11.45 පමණ හැටන් දුම්රිය ස්ථානය කරා ළගා වන අවස්ථාවේදී හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ දී මොහු දුම්රියේ ගැටී තිබේ.
වයස අවුරුදු 65 පමණ වයසැති මොහු මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලිසිය සඳහන් කරයි.
දුම්රියේ ගැටුණු පුද්ගලයා තුවාල සහිතව සිටි නිසා දෙනුවර මැණිකේ දුම්රිය ආරක්ෂක අංශ නිලධාරින් විසින් ඒ පිළිබඳ හැටන් දුම්රිය ස්ථානය වෙත දැනුම් දි 1990 හදිසි ගිලන් රථ සේවය මගින් තුවාලකරු දික්ඔය මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මිය ගිය බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd