වවුනියාවේ ඉඩම් නීතිවිරෝධීව අලෙවි කිරීමට විරෝධයක් වවුනියාව දිස්ත්‍රික්කයේ පැවති යුද ගැටුම් හේතුවෙන් ඉන්දියාවට පලා ගිය පිරිස්වලට අයත් ඉඩම් නීතිවිරෝධීව වෙනත් පාර්ශව වෙත අලෙවි කිරීමේ කටයුතු නවත්වන ලෙසට බල කරමින් අද(29) වවුනියාවේදී විරෝධතාවක් පැවැත්විණි. 29 January 2020
වීරවිලදී හක්කපටස් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට හම්බන්තොට ක්ෂණික පොලිස් විහිදුම් යතුරුපැදි ඒකකයේ නිළධාරීන් විසින් හක්ක පටස් යොදා සතුන් මැරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයකු වීරවිල කරඹගහවැව ප්‍රදේශයේ දී අද (29) අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 29 January 2020
හිඟුරක්ගොඩ පාලමක ඉදිකිරීම් වසරක් තිස්සේ නැවතිලා හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යුදගනාව පළුවද්දන ගම්මානයට පිවිසීම සඳහා ඇති මාර්ගයේ පාලමේ ඉදිකිරීම් වසරක පමණ කාලයක් නවතා දමා ඇතැයිද මේ හේතුවෙන් ගම්මාන රැසක ජනතාව දැඩි අපහසුතාවයකට ලක්ව ඇති බව ගම්වැසියෝ කියති. 28 January 2020
බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ තිදෙනෙකු අත්අඩංගුවට බලපත්‍රයක් නොමැතිව පරිසරය විනාශ කරමින් එළවළු වගා භූමියක අවසරෙන් මැණික් ගැරු තිදෙනෙකු බගවන්තලාව පොලිසිය (28) අත්අඩංගුවට ගෙන ඇත. 28 January 2020
නොරොච්චෝලේ සේවය කරන චීන ජාතිකයන් ගැන දැඩි අවධානය නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයේ සේවය කරන චීන ජාතිකයින් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇතැයි පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍යය අධක්ෂක වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය. 28 January 2020
වෛද්‍යවරයකුට පහරදුන් බස් රථ රියදුරු - සහයක අත්අඩංගුවට හපුතලේ බෝවත්ත මාර්ගයේදී වෛද්‍යවරයකුට පහර දුන් බව කියන පෞද්ගලික බස් රථ රියදුරුවරයෙකු සහ රිය සහයකවරයකු අද(28) සැකපිට අත්අඩංගුවට ගත් බව හපුතලේ පොලිසිය කියයි. 28 January 2020
ගුරු හිඟයට විසඳුම් දෙන්නැයි මව්පියවරු මහපාරේ විරෝධයක ඔයාමඩුව මහා කාශ්‍යප විද්‍යාලයේ මව්පියවරු, තම පාසල් දරුවන්ද සමග අනුරාධපුර සිට විලච්චිය හා තන්තිරිමලය දෙසට දිවෙන ප්‍රධාන මාර්ගය, මානින්ගමුව ප්‍රදේශයෙන් වසා දමා අද (28) උද්ඝෝෂණයක නිරත වූහ. 28 January 2020
දෙමෝදර දී දුම්රියේ ගැටී අයෙක් මරුට බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය හා ඇල්ල ආරුක්කු නවය පාලම අතරදී අද (28) දහවල් 12.40 ට පමණ දුම්රියේ ගැටී පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි. 28 January 2020
තංගල්ල උසස් තාක්ෂණ ආයතනයේ සිසුහු වීදි බසිති උපාධි සමානාත්මතාව වෙනුවට උපාධිය ඉල්ලා අද(28) තංගල්ල උසස් තාක්ෂණ ආයතනයේ ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ සිසුහු පිරිසක් ජනතාව දැනුම්වත් කිරීම සහ ජනතා අත්සන් දෙදහස් පන්සීයක් ලබා ගැනීමේ වැඩසටහනකට එක්ව සිටියහ. 28 January 2020
සොරෙකු සොයන්න දඹුල්ල පොලීසිය මහජන සහය පතයි රාත්‍රී කාලයේ දඹුල්ල නගරයේ සැරි සරමින් වෙළඳසැල්වලට ඇතුළුවී මුදල් සොයන සොරෙකු පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා දඹුල්ල පොලීසිය මහජන සහය පතයි. 28 January 2020
ලක්ෂ 5ක දැව මග දමා සැකකරුවෝ පලා යති රුපියල් ලක්ෂ 5ක ඉරන ලද දැව තොගයක් ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් කිහිපදෙනෙකු අද(28) පොලිස් නිලධාරීන් එනු දැක බුලත්සිංහල ගල්කැටිය ප්‍රදේශයේදී ලොරිය දමා පලාගොස් ඇතැයි පොලිසිය කියයි. 28 January 2020
වෑන් රථයේ ගැටී පාපැදිකරු මරුට හලාවත කොළඹ මාර්ගයේ කාක්කපලිල්ය පම්බල ප්‍රදේශයේ දි වෑන් රථයක් ගැටීමෙන් අද ( 28) සිදුවු අනතුරකින් පාපැදිකරුවෙකු මිය ගොස් ඇති බව මාදම්පේ පොලිසිය කියයි. 28 January 2020
රිය අනතුරකින් අයෙක් මරුට ජිප් රථයක් ත්‍රී වීලර් රථයක් සමඟ අධිවේගී පිවිසුමේ වලහන්දුව ජනාධිපති විද්‍යාලය අසලදී මුහුණට මුහුණලා ගැටීමෙන් වූ අනතුරින් ත්‍රී රෝද රථ රියදුරු එම ස්ථානයේ දීම මිය ගිය බව අක්මීමන පොලීසිය පවසයි. 28 January 2020
බස් රියෙන් වැටී පුද්ගලයෙක් මරුට කතරගම වන්දනාවේ ගොස් ආපසු යමින් සිටියදී බස් රථයෙන් වැටී බරපතල තුවාල ලබා කරාපිටිය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු අද (28) මිය ගිය බව තණමල්විල පොලිසිය පවසයි. 28 January 2020
වැල්ලවාය බස් අනතුරකින් අයෙක් මරුට වැල්ලවාය කුමාරදාස මාවතේදී යතුරුපැදියක් හා ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයකු අද (28) මිය ගොස් ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි. 28 January 2020
කාන්තාවක කපා කොටා ඝාතනය කරලා බදුල්ල කයිලගොඩ නිවසකට ඇතුළු වූ පුද්ගලයකු එහි කාන්තාවකට අද(28) පිහියකින් ඇන කපා කොටා ඝාතනය කර පලා ගොස් ඇතැයි පොලිසිය කියයි. 28 January 2020
බදුලු ඔයේ තිබී මළ සිරුරක් හමුවෙයි බදුල්ල වියන්ගොඩ පාලමට නුදුරින් බදුලු ඔයේ පාවෙමින් තිබූ පිරිමි මළ සිරුරක් අද උදෑසන හමු වී තිබේ. 28 January 2020
යකඩ පොල්ලකින් පහරදී 4ක් රෝහලේ පුද්ගලයකු යකඩ පොල්ලකින් කළ පහරදීමකින් බරපතල තුවාල ලැබූ සිව්දෙනෙකු අද (28) මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි. 28 January 2020
ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වෙයි හැටන් සිට නොර්වුඩ් දක්වා ධාවනය වූ ලොරි රථයක් අද (27) රාත්‍රී 9.00 ට පමණ මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වී ඇති බව හැටන් පොලිසිය පැවසිය. 27 January 2020
අනවසර විදුලි වැටක් ඉදිකළ වගාබිම් හිමිකරුට දඩ ඉපලෝගම පුලියන්කුලම වගා බිමක අනවසරෙන් ඉදිකළ විදුලි වැටක පැටලී මොණරෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වගා බිමේ හිමිකරුට රුපියල් 10,000 ක දඩයක් කැකිරාව දිසා විනිසුරු නිලන්ත විමරත්න මහතා අද (27) නියම කළේය. 27 January 2020
ගංජා තොගයක් සමඟ පුද්ගලයින් 6දෙනෙකු අත්අඩංගුවට ගිරාඳුරුකෝට්ට පොලිස් වසමට අයත් ගල්පෝරුයාය අගලඔය ප්‍රදේශයේදී අද (27) සිදුකළ හදිසි මෙහෙයුමකදී නීති විරෝධී අයුරින් ගංජා තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගත්බව ගිරාඳුරුකෝට්ට පොලිසිය පවසයි. 27 January 2020
දුම්රිය හරස් ගේට්ටුව කඩාගෙන යාමට උත්සහ කළ බස්රථ රියදුරු අත්අඩංගුවට නාවලපිටිය වරකාව ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය වසා තිබියදී බස් රථ රියදුරෙක් දුම්රිය හරස් ගේට්ටුව කඩාගෙන බස් රථය දැමීමට උත්සහ කිරීමේ සිද්ධියක් අද (27) නාවලපිටිය ප්‍රදේශයෙන් වාර්තාවිය. 27 January 2020
ගුවන් තොටුපල අසල ත්‍රිරෝද රථ රියදුරන් නියාමනයට වැඩපිළිවෙළක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ආශ්‍රිතව කුලී රථ සේවයේ නිරත ත්‍රිරෝද රථ රියදුරන් නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 27 January 2020
වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙක් මරුට වැල්ලවාය බුදුරුවාගල වලේකඩේ ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් අද (27) පුද්ගලයෙකු මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි. 27 January 2020
හපුතලේ හෝටල් 3කට-වෙළඳසැල් 2කට නඩු හපුතලේ නගරයේ අපිරිසිදුව පවත්වාගෙන ගිය හෝටල් තුනකට හා ලේබල් රෙගුලාසි උල්ලංඝනය කළ සිල්ලර වෙළඳසැල් දෙකකට අද ( 27) කළ සෝදිසි මෙහෙයුමකින් පසුව නඩු පැවරූ බව හපුතලේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිලධාරී කාර්යාලය පැවසීය. 27 January 2020
අතුරුදන්වූවන්ගේ ඥාතීහු උද්ඝෝෂණයක යුද සමයේ අතුරුදන්වුවන්ගේ ඥාතීන් විසින් අද (27) දහවල් වවුනියාව තැපැල් කන්තෝරුව ඉදිරිපිටදී විරෝධතාවයක් සංවිධානය කර තිබිණි. 27 January 2020
වැවිලි සම්පත් මානව භාරයේ නව සභාපති වැඩ බාර ගනී ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය යටතේ පාලනය වන වැවිලි සම්පත් මානව භාරයේ නව සභාපතිවරයා වශයෙන් භරත් අරුල්සාමි මහතා බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි සිය ප්‍රධාන කාර්යයාලයේදි අද(27) වැඩ කටයුතු ආරම්භ කළේය. 27 January 2020
අපිරිසිදුව පවත්වාගෙන ගිය වෙළඳසැල් 8කට නඩු විවිධ ආකාරයෙන් ආහාර පනතේ රෙගුලාසි උල්ලංඝනය කළ ඉමදුව නගරයේ සුපිරි වෙළඳසැල් දෙකක් ඇතුළු වෙළඳසැල් 8 ක් සඳහා අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට අද(27) මහජන පරීක්ෂකවරු කටයුතු කළහ. 27 January 2020
නිවාස 4කින් දේපළ - මුදල් සොරාගත් දෙදෙනෙකු අල්ලයි මන්චන්තොදුවායි හා කාත්තන්කුඩි ප්‍රදේශයේ නිවාස 4කින් දේපළ සහ මුදල් සොරාගත් දෙදෙනකු අද(27) කාන්තන්කුඩියේදී අත්අඩංගුවට ගත් බව කාන්තන්කුඩි පොලිසිය කියයි. 27 January 2020
හොරට ලේබල් ඇලවූ කුළුබඩු පැකට් සමඟ අයෙක් අත්අඩංගුවට පස්සර නගරයේ වෙළඳසැළක ව්‍යාජ ලියාපදිංචි සහිත ලේබල් අලවා අලෙවි කිරීමට තිබූ කුළුබඩු පැකට් 1200ක් සමඟ සැකකරුවෙකු අද (27) අත්අඩංගුවට ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය කියයි. 27 January 2020
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026