(රංජිත් රාජපක්ෂ)
බලපත්‍රයක් නොමැතිව පරිසරය විනාශ කරමින් එළවළු වගා භූමියක අවසරෙන් මැණික් ගැරු තිදෙනෙකු බගවන්තලාව පොලිසිය (28) අත්අඩංගුවට ගෙන ඇත.
බගවන්තලාව පොලිස් වසමට අයත් කිලානි තේ වත්තේ වතු නිවාස පේලියට පිටුපස එළවළු වගා භූමියක අනවසරෙන් මැණික් ගරමින් සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
මැණික් ගැරීමට උපයෝගි කරගත් උපකරණ රැසක්ද පොලිසිය භාරයට ගෙන ඇත.
සැකකරුවන් එම වත්තේම පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර ඇති අතර සැකකරුවන්ට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd