( ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා )
ජිප් රථයක් ත්‍රී වීලර් රථයක් සමඟ අධිවේගී පිවිසුමේ වලහන්දුව ජනාධිපති විද්‍යාලය අසලදී මුහුණට මුහුණලා ගැටීමෙන් වූ අනතුරින් ත්‍රී රෝද රථ රියදුරු එම ස්ථානයේ දීම මිය ගිය බව අක්මීමන පොලීසිය පවසයි.
අනතුර සිදු වන අවස්ථාවේ මෙම ජීප් රිය අධිවේගී පිවිසුම් මාර්ගයේ ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වී ඇති බව පොලිසිය පවසයි.
මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ උමං දොළ, මැදකීඹිය පදිංචිව සිටි ජයසුන්දර ආරච්චිගේ ගුණසිරි පුෂ්පකුමාර නමැති 27 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම අනතුර සම්බන්ධයෙන් ජිප් රථයේ රියදුරා අත් අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු යොදා තිබේ.
අක්මීමන පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.
ඡායාරූප - ජේ.කේ.එල්.චාමින්ද


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ත්‍රී වීල් කෙරුවාව කවද ඉවර වේද මන්ද. දවසකට අඩුම ගානෙ එක අනතුරක් තියෙනවාමයි.