(රංජිත් රාජපක්ෂ)
ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය යටතේ පාලනය වන වැවිලි සම්පත් මානව භාරයේ නව සභාපතිවරයා වශයෙන් භරත් අරුල්සාමි මහතා බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි සිය ප්‍රධාන කාර්යයාලයේදි අද(27) වැඩ කටයුතු ආරම්භ කළේය.
ප්‍රජා සවිබල ගැන්වීමේ සහ වතුයටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා ඉදිරියේ භරත් අරුල්සාමි මහතා සිය ධුරයේ වැඩ භාරගනු ලැබුවේ සර්ව ආගමික වතාවන් පැවැත්වීමෙන් අනතුරුවය.
දිවන්ගත පා.ම සහ වැවිලි සම්පත් මානව භාරයේ කෙටි කාලයක් සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ඒ.අරුල්සාමි මහතාගේ පුතු භරත් අරුල්සාමි මහතා ය.
භරත් අරුල්සාමි මහතා සභාපතිධුරයේ වැඩ භාරගැනීමේ අවස්ථාවට එම අමාත්‍යංශයේ ලේකම් ඩී.පී.ජී.කුමාරසිරි, ඌව පළාත් සභා හිටපු අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතා ඇතුළු මානව සම්පත් භාරයේ නිලධාරීහු රැසක් සහභාගී වූහ.


2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2504
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වැවිලි සම්පත් මානව භාරයේ නව සභාපති වැඩ බාර ගනී