(ඩී.කේ.රත්න)
වැල්ලවාය කුමාරදාස මාවතේදී යතුරුපැදියක් හා ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයකු අද (28) මිය ගොස් ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.
ඇල්ල දෙමෝදර වෑකඩවල පදිංචි අබ්දුල් මුනාන් මොහොමඩ් නැමති වයස අවුරුදු 19 තරුණයකු අනතුරින් මිය ගොස් තිබේ.
ඇල්ල වැල්ලවාය කුමාරදාස මාවතේ ධාවනය කරමින් තිබූ මෙම යතුරුපැදිය කුමාරදාස මාවතේ සිට වැල්ලවාය ප‍්‍රධාන බස් නැවතුම්පළට ඇතුළු කිරීමට ධාවනය කළ ලංගම බස් රථයක ගැටීම අනතුර සිදුවී ඇතැයි වැල්ලවාය පොලීසිය කියයි.
වැල්ලවාය ඩිපෝවට අනුයුක්තව සේවයේ යෙදී සිටින බුත්තල නුගසෙවන පදිංචි මෙම අනතුරට සමබන්ධ ලංගම බස් රථයේ රියදුරු වැල්ලවාය පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
මියගිය පුද්ගලයාගේ මෘත දේහය වැල්ලවාය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වැල්ලවාය බස් අනතුරකින් අයෙක් මරුට