(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ 5ක ඉරන ලද දැව තොගයක් ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් කිහිපදෙනෙකු අද(28) පොලිස් නිලධාරීන් එනු දැක බුලත්සිංහල ගල්කැටිය ප්‍රදේශයේදී ලොරිය දමා පලාගොස් ඇතැයි පොලිසිය කියයි.
බලපත්‍ර නොමැතිව දැව තොගයක් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් පිරිසක් ගල්කැටිය පෙදෙසට ජීප් රථයකින් යමින් සිටියදී ඉදිරියට පැමිණෙමින් තිබූ ලොරියේ පිරිස මෙසේ පලාගෙස් ඇතැයි පොලිසිය පවසයි.
ලොරිය පරීක්ෂා කිරීමේදී එහි ඉරූ හොර වර්ගයේ දැව කඳන් 127ක් තිබූ බව පොලිසිය කියයි.
මෙම දැව කිසියම් රක්ෂිතයකින් කපන ලද දැව බවට පොලිසිය සැකකරයි.
පලාගිය පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර දැව ජාවාරම නවත්වන්න ඕනේ. කිසිම විවාදයක් නැහැ. එහෙත් මෙම දැව තොගයට විනාශය ළඟා වෙන්නේ පොලිස් භාරයට ගත්තට පස්සෙයි. අවුරුදු ගණනක් මේවා පොලිසියෙයි උසාවියෙයි තිබිල දිරාපත් වුනාට පස්සේ වෙන්දේසි දමන්න කියාවි. දරටවත් ගන්න බැරි වුනාම. මේ ක්‍රමවේදය වෙනස් කර වහාම දැව සංස්ථාව හරහා හෝ විකුණා රටට වැඩක් ගන්න .