IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


අපිරිසිදුව පවත්වාගෙන ගිය ‍වෙළඳසැල් 8කට නඩු

(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
 
විවිධ ආකාරයෙන් ආහාර පනතේ රෙගුලාසි උල්ලංඝනය කළ ඉමදුව නගරයේ සුපිරි වෙළඳසැල් දෙකක් ඇතුළු වෙළඳසැල් 8 ක් සඳහා අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට අද(27) මහජන පරීක්ෂකවරු කටයුතු කළහ.
 
ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සහාය ඇතිව කළ පරීක්ෂාවකදී මෙම වෙළඳසැල් හඳුනාගෙන තිබේ.
 
කල් ඉකුත්වූ ආහාර විකිණීම සඳහා ප්‍රදර්ශය කිරීම, මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර තබාගැනීම, එකම ශීතකරණයේ මස්මාංශ සමග අයිස් ක්‍රීම් වැනි ආහාර ගබඩා කිරීම, ලේබල් රෙගුලාසි උල්ලංඝණය කිරීම වැනි වැරදි සම්බන්ධයෙන් මෙම වෙළඳසැල්වලට නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.
 
මීට අමතරව  පරිශ්‍ර නිසි ලෙස පිරිසිදුව සහ සෞඛ්‍ය ආරක්ෂිතව  තබා නොගැනීම යන වැරදි සම්බන්ධයෙන්ද මෙම නඩු පැවරීම කර තිබේ.



අදහස් (0)

අපිරිසිදුව පවත්වාගෙන ගිය ‍වෙළඳසැල් 8කට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2504 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site