IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ගුවන් තොටුපල අසල ත්‍රිරෝද රථ රියදුරන් නියාමනයට වැඩපිළිවෙළක්

(තිළිණි ද සිල්වා)

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ආශ්‍රිතව කුලී රථ සේවයේ නිරත ත්‍රිරෝද රථ රියදුරන් නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඒ අනුවඉදිරියේ දී කටුනායක ගුවන් තොටුපල ආශ්‍රිතව කුලී රථ සේවයේ යෙදෙන ත්‍රීරෝද රථ රියදුරන්ට විශේෂ පුහුණුවක් ලබා දීමටත්, වෙනම නිල ඇදුම් හා දිය හැකි වෙනත් පහසුකම් ද ලබා දීමටත් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා කීය.

එසේම ගුවන්තොටුපළේ ත්‍රීරෝද රථ සේවාව හඳුනා ගැනීම පහසු වන පරිදි වර්ණ ගැන්වීම කෙරෙහිද අවදානය යොමුව ඇතැයිද හෙතෙම  වැඩිදුරටත් කීය. 

වෙනත් රටවල ගුවන් තොටුපල ආශ්‍රිතව මෙවැනි සේවාවාන් සඳහා ලබා දී ඇති නිර්ණායකයන්ට අනුව මෙම නියාමනය කිරීම සිදුවන බවද රණතුංග මහතා මෙහිදි පෙන්වා දුන්නේය.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ආශ්‍රිතව කුලී රථ සේවයේ නිරත ත්‍රී රෝද රථ රියදුරන් සමඟ පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සඳහන් කළේය. ගුවන් තොටුපළ පුළුල් කිරීමත් සමඟ මෙම ත්‍රීරෝද රථ රියදුරන් මුහුණ දෙන ගැටළු සාකච්ඡා කිරීම සඳහා රැස්වීම කැඳවා තිබිණි.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම පියවර ගන්නා බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී එම ත්‍රීරෝද රථ රියදුරන් හමුවේ පැවසූයේ කටුනායක ගුවන් තොටුපල ආශ්‍රිතව ත්‍රීරෝද රථ රියදුරන් සම්බන්ධ පැමිණිලි රැසක් තමන්ට ලැබී ඇති බවයි. 

සංචාරකයන් මුලින්ම මෙරටට පැමිණෙන ස්ථානය වන කටුනායක ගුවන් තොටුපළ ආශ්‍රිතව සිදුවන ඇතැම් ක්‍රියා හේතුවෙන් රට පිළිබඳව විදේශිකයන්ට වැරදි හැගීමක් ඇතිවන බවත් එය රටට නරක නාමයක් ඇතිකරන්නක් හෙයින් මෙවැනි සිද්ධීන් වලට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට තමා පසුබට නොවන බවත් ඇමතිවරයා මෙහි දී පෙන්වා දුන්නේය.



අදහස් (1)

ගුවන් තොටුපල අසල ත්‍රිරෝද රථ රියදුරන් නියාමනයට වැඩපිළිවෙළක්

Ruhunu Wednesday, 29 January 2020 10:40 AM

මොනවා කරත් මෙතන ඉන්න අයගෙන් බොහොම ප්‍රවේශම් වෙන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2504 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site