ලක්ෂ 6ක කේරළ ගංජා සමඟ අයෙකු අත්අඩංගුවට කළුබෝවිල මංගල මාර්ගයේදී රුපියල් ලක්ෂ 6ක් වටිනා කේරළ ගංජා කිලෝ තුනයි ග්‍රෑම් 370ක් සමඟ පුද්ගලයකු අද(27) අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි. 27 January 2020
විදින තුවක්කුවකින් මසුන් මැරූ විදේශීකයාට දඩ උණවටුන ජංගල් බිච් වෙරළ අසල මුහුදේ විදින තුවක්කුවකින් මසුන් මැරීම සම්බන්ධයෙන් වරදකරු වූ විදේශිකයකුට රුපියල් 50,000 ක් දඩයක් ගෙවීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා අද (27) නියෝග කළේය. 27 January 2020
යාපනය ප්‍රා.සභා මන්ත්‍රීවරයකුට තියුණු ආයුධ වලින් පහර දෙයි යාපනය පේදුරුතුඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට පලෙයි කට්ටෙයිකාඩු ප්‍රදේශයේ දී කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධ වලින් පහරදීමෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කැපුම් තුවාල සහිතව රෝහල්ගත කළ බව පලෙයි පොලීසිය පවසයි. 27 January 2020
අහසට වෙඩි තැබූ ව්‍යාපාරිකයා-සගයා අත්අඩංගුවට දඩගමුව ප්‍රදේශයේ අවන්හලක් අසල දී ගිනි අවියකින් අහසට වෙඩි තබා ජනතාව භීතියට පත්කළ බව කියන ව්‍යාපාරිකයකු හා සගයකු සැකපිට අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි. 27 January 2020
ගිංතොට තුනීලෑලි භූමිය ඉදිපිට විරෝධතාවක් රජය සතුව තිබූ ගින්තොට තුනී ලෑලි සංස්ථාවට අයත් අක්කර දාහතක් පෞද්ගලික අංශයට විකුණා දැමීම එරෙහිව සහ එම ඉඩම නැවතත් රජයට පවරා ගන්නා ලෙස ඉල්ලමින් ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා පෝද්දල ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු මහා ජනතාව ගිංතොට තුනීලෑලි භූමිය ඉදිරිපිට දී අද (27) දැවැන්ත විරෝධතාවක නිරත වූහ. 27 January 2020
අලි වෙඩි දමා මසුන් මැරූ 4 ක් අත්අඩංගුවට පුපුරණ ද්‍රව්‍ය යොදාගෙන උහන තිස්සපුර මහඇලේ මසුන් මරමින් සිටි පුද්ගලයින සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව උහන පොලීසිය පවසයි. 27 January 2020
වී වලටත් සහතික මිලක් දෙන්න සහල්වලට පාලන මිලක් නියම කළ අයුරින්ම වී වලට සහතික මිලක් නියම කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි. 26 January 2020
ලක්ෂ 10 ක බුරුත කඳන් ප්‍රවාහනය කළ 2 ක් අත්අඩංගුවට බොල් වී රැගෙන යන මුවාවෙන් රුපියල් ලක්ෂ 10 පමණ වටිනා බුරුත කඳන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද (26) අත්අඩංගුවට ගත් බව මන්නාරම වන සංරක්ෂණ නිලධාරීහු පැවසූහ. 26 January 2020
කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ඡන්ම දිනය වෙනුවෙන් බෝධි පූජාමය පිංකමක් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමාධිපති කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ 87 වැනි ඡන්ම දිනය නිමිත කරගෙන අටවිසි බෝධි පූජාමය පිංකමක් අද පස්වරුවේ ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 26 January 2020
‘‘මහබැංකුව මංකොල්ල කාපු හොරුන්ට දඬුවම් දිය යුතුයි‘‘ වෝහාරික විගණන වාර්තාවෙන් හෙළි වූ හා හෙළි නොවූ මහබැංකුව මංකොල්ලකාපු සියළු හොරුන්ට දඬුවම් දිය යුතු බව මගී කළමනාකරණ විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (26) රන්න තලුන්න මහා විහාරයේ පැවති ආගමික උත්සවයකදී පැවසීය. 26 January 2020
ඇල්ලේ හල්පෙ කදු වැටියේ ගින්නක් ඇල්ල කුඹල්වෙල හල්පෙ කදු වැටියේ අද (26) ඇති වූ හදිසි ගින්නක් මේ වන විට කදු වැටිය පුරා පැතිර යමින් පවතී. 26 January 2020
හෙරොයින් සමඟ අයෙක් ගාල්ලේදී අත්අඩංගුවට දැනට බන්ධනාගාර ගත වී සිටින ගාල්ලේ ප්‍රධාන පෙළේ මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ ගෝලයෙකු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 5 මිලි ග්‍රෑම් විස්සක් සමඟ අද (26) යටලමත්තේ දී අත්අඩංගුවට ගත් බව අක්මීමන පොලිසිය කියයි. 26 January 2020
අලුතින් හිතමු නැගීසිටිමු සමුළුව විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් ’’අලුතින් හිතමු නැගීසිටිමු’’ විශේෂ සමුළුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මාධ්‍යස්ථානයේ දී අද (26) පැවැත්විණි. 26 January 2020
ලංකාදීප මාධ්‍යවේදියාගේ හැඳුනුම්පත් ගොනුව සොයයි ලංකාදීප කතෘ මණ්ඩලයේ සේවය කරන ජයන්ත සමරකෝන් මහතාට අයත් පුද්ගල හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය සහ තවත් වටිනා අවසරපත් කිහිපයක්ම සහිත කළු පැහැති ෆෝල්ඩරයක් හෝමාගම-පිටකොටුව (මාර්ග අංක 138) බසයකදී නැතිවී ඇත. 26 January 2020
මොරටුවේ දෙමහල් නිවසක ගින්නක් මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ පිටුපස දෙමහල් නිවසක මේ වනවිට ගින්නක් හටගෙන ඇතැයි මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය කියයි. 26 January 2020
විදුලි උපකරණ අලෙවිසලක හටගත් ගින්න නිවා දමයි හොරණ පොකුණුවිට විදුලි උපකරණ අලෙවිසැලෙක අද ( 26) ඇති වූ ගින්න හොරණ නගර සබාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් මැදිහත්වී නිවා දැමීමට හැකිව තිබේ. 26 January 2020
ත්‍රිරෝද රථයක් ප්‍රපාතයට පෙරැළෙයි -දෙදෙනෙක් රෝහලේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කැරොලිනා වත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 75ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි රියදුරු ඇතුළු දෙදෙනෙකු රෝහල් ගත කර ඇතැයි වටවල පොලිසිය කියයි. 26 January 2020
ෆේස්බුක් සාදයක මත්ද්‍රව්‍ය අලෙවි කළ සිව්දෙනෙකු අත්අඩංගුවට හෝමාගම පනාගොඩ ලේලන්ඩ් හන්දිය ප්‍රදේශයේ උත්සව ශාලාවක පවත්වාගෙන ෆේස් බුක් සාදයක් වටලා දේශීය සහ විදේශීය මත්පැන් සහ හඳුනානොගත් මත්ද්‍රව්‍ය විකිණීමේ නිරතව සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අද (26) සැකපිට අත්අඩංගුවට ගත් බව පාදුක්ක සුරාබදු කාර්යාලය පවසයි. 26 January 2020
පුපුරණ ද්‍රව්‍ය යොදා මුහුදේ මසුන් මැරීමට ගිය 3ක් අත්අඩංගුවට බෝට්ටුවකින් ගොස් පුපුරණ ද්‍රව්‍ය යොදා මුහුදේ මසුන් මැරීමට සූදානම්වු පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය වෙත බාරදී තිබේ. 25 January 2020
ලොරි - ට්‍රැක්ටර් ගැටුමෙන් 3කට තුවාල අම්පාර කල්මුණ ප්‍රධාන මාර්ගයේ උදයපුර බෝගස අසල ප්‍රදේශයේදී (25) පෙරවරු 10.45ට පමණ වැලි ප්‍රවාහනය කරමින් තිබුණු ට්‍රක් රථයක් සහ යුද හමුදා සෙබළුන් ගමන් ගත් ට්‍රැක්ටරයක් මුහුණට මුහුණලා ගැටීමෙන් යුධ හමුදාවේ සාමාන්‍ය සෙබළුන් තිදෙනෙකු අම්පාර මහ රෝහලට ඇතුලත් කර ඇති බව අම්පාර පොලිසිය පවසයි. 25 January 2020
කැස්බෑවන් මැරූ තිදෙනෙකු අත්අඩංගුවට වෙන්නප්පුව උල්හිටියාව වෙරළ තීරයේ කැස්බෑවන් මැරීමේ ජාවාරමක නිරත වූ ධීවරයින් තිදෙනෙකු අද (25) කැස්බෑ මස් කිලෝ 75ක් සමග අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි. 25 January 2020
තියුණු ආයුධයකින් කපා පුද්ගලයෙකු ඝාතනය කරයි වීරකැටිය පොලිස් වසමේ කිංචිගුණේ මැදමුලන ප්‍රදේශයේදි අද (25) අලුයම දෙකට පමණ තියුණු ආයුධයකින් කපා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. 25 January 2020
කැකිරාවේ ගෙත්තක ජීව පතොරම් 11ක් කැකිරාව සඳගල්පාය ප්‍රදේශයේ ගෙවත්තක තිබී ඊයේ (24) රාත්‍රියේ ජීව පතොරම් 11ක් සොයා ගත් බව පොලිසිය කියයි. 25 January 2020
විදින තුවක්කුවෙන් මසුන් මැරූ විදේශිකයා අත්අඩංගුවට උණවටුන ජංගල් බිච් වෙරළ අසල මුහුදේ විදින තුවක්කුවකින් මසුන් මරමින් සිටි යුක්රේන ජාතියෙකු නාවික හමුදා නිලධාරින් විසින් අද (24) අත්අඩංගුවට ගෙන හබරාදුව පොලිසිය වෙත භාරදී ඇත. 24 January 2020
තේ සකසන යන්ත්රකයට කාන්තාවකගේ අතක් හසුවෙයි හපුතලේ පිටරත්මලේ තේ කර්මාන්ත ශාලාවක දී අද (24) සවස කාන්තාවකගේ අතක් තේ සකසන යන්ත්‍රයට හසුවී බරපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය පවසයි. 24 January 2020
දිස්ත්‍රික් 3 කට නව ලේකම්වරු කොළඹ , වව්නියාව සහ කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා වන දිස්ත්‍රික් ලේකම්වරුන් තිදෙනෙකු පත්කර ඇත. 24 January 2020
කොළඹ නගර සභාවට වරිපනම් ගෙවීමට එන ජනතාව ගැන නගරාධිපතිනිගේ අවධානය කොළඹ මහ නගර සභාවට වරිපනම් ගෙවීමට පැමිණෙන මහජනතාව බෙහෙවින් අපහසුතාවයට පත්වන බවට සමාජ මාධ්‍යජාලා ඔස්සේ දින පැතිර ගිය කරුණ පිළිබඳව නගරාධිපතිනි රෝසී සේනානායක මහත්මියගේ අවධානයට ලක් කෙරිණි. 24 January 2020
නව දුම්රිය එන්ජින් රියදුරෝ 28ක් හෙට සිට සේවයේ දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා අලුතින් බඳවා ගනු ලබන දුම්රිය එන්ජින් රියැදුරන් 28 දෙනෙකු හෙට(25) සිට බලවේග දුම්රිය ධාවන සේවයට යොදවන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර් සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය. 24 January 2020
ව්‍යවසාය සංවර්ධන අධිකාරිය - ජ’පුර සරසවිය අවබෝධතා ගිවිසුමක විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් ව්‍යවසායකයන් බිහි කිරීම සහ සරසවි සිසුන්ගෙ නව නිපැයුම් දේශීය සහ විදේශීය වෙළඳපොළ දක්වා ගෙන ඒම වැනි කරුණු මූලික කර ගනිමින් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අතර අද (24) අවබෝධතා ගිවිසුමකට තැබිණි. 24 January 2020
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026