IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ව්‍යවසාය සංවර්ධන අධිකාරිය - ජ’පුර සරසවිය අවබෝධතා ගිවිසුමක

(රොමේෂ් දනුෂ්ක සිල්වා)
 

විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් ව්‍යවසායකයන් බිහි කිරීම සහ සරසවි සිසුන්ගෙ නව නිපැයුම් දේශීය සහ විදේශීය වෙළඳපොළ දක්වා ගෙන ඒම වැනි කරුණු මූලික කර ගනිමින් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අතර අද (24) අවබෝධතා ගිවිසුමකට තැබිණි.
 
මෙහිදී ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය තුළින් සිසුන්ට අවශ්‍ය පුහුණුවීම් සහ ව්‍යාපාර උපදෙස් ලබාදීමටත් සිසුන්ට මූල්‍ය පහසුකම් ලබාගැනීමට අවශ්‍ය සහය ලබාදීමට ද එකඟ විය. දැනට වයඹ විශ්ව විද්‍යාලය ආශ්‍රිතව පිහිටුවා ඇති පෙර වැඩුම් මධ්‍යස්ථානයේ දෙවන පියවර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අශ්‍රිතව ආරම්භ  කිරීමටද කැබිනට් අමාත්‍විමල් වීරවංශ මහතාගේ අවධානය යොමු විය.
 
මෙහිදී ජාත්‍යන්තර ඇගයීමට ලක්වූ නව නිපැයුම් කිහිපයක් සිසුහු අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළහ.
 
 නව රජයේ මෙවැනි ව්‍යාපෘතිවල ප්‍රධාන අරමුණ වන්නේ විශ්වවිද්‍යාල තුළ නව සංස්කෘතියක් බිහිකර, වැඩි ව්‍යවසායකයින් පිරිසක් අර්ථික පද්ධතියට බිහි කිරීම බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේය. මෙයට ජාතික ව්‍යවසාය සංවර්ධන  අධිකාරියේ සභාපති අනුශ්ක ගුණසිංහ මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද, මහාචාර්ය පද්මලාල් මාන්නගේ සහ  වෛද්‍ය ලංකා උඳුගොඩ යන මහත්වරු සහභාගී වූහ.
 



අදහස් (0)

ව්‍යවසාය සංවර්ධන අධිකාරිය - ජ’පුර සරසවිය අවබෝධතා ගිවිසුමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site