ලංකාදීප කතෘ මණ්ඩලයේ සේවය කරන ජයන්ත සමරකෝන් මහතාට අයත් පුද්ගල හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය සහ තවත් වටිනා අවසරපත් කිහිපයක්ම සහිත කළු පැහැති ෆෝල්ඩරයක් හෝමාගම-පිටකොටුව (මාර්ග අංක 138) බසයකදී නැතිවී ඇත.
ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය, ලංකාදීප පුවත්පතේ හැඳුනුම්පත, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හැඳුනුම්පත, සේවා මුක්ත භට සංගමයේ හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත ඇතුළු මාධ්‍ය සංවිධාන ගණනාවක හැඳුනුම්පත් කීපයක් ද මෙම ෆෝල්ඩරයේ අඩංගු වී තිබේ.
මෙම හැඳුනුම්පත් සහිත ෆොල්ඩරය හමුවූ අයකු මේ නම් 0112802154 හෝ 0112423919 හෝ 0766270771 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ජයන්ත සමරකෝන් මහතා ඉල්ලා සිටී.
COMMENTS
ෂුවර් එකටම උස්සන්න ඇති. 138 සහ 120 මාර්ග අංක දරන බස් රථවල දිනපතා ගැටකපන්නන් විසින් අහිංසක මිනිස්සුන්ගේ මුදල් පසුම්බි ගමන්මලු හොරකමේ යෙදේ. මමද එවැනි අවස්ථාවකට මුහුණ දුන් අයෙක් නිසා මේ මහතා දැන් පත්ව ඇති අපහසුතාවය දන්නෙමි. සමහරක් බස් කොන්දොස්තරවරුන්ද මේ ක්‍රියා වලට සහය දක්වයි. මෙලෙස හැදුනුම්පත් සමග බස් රථවලදී අතුරුදහන් වන මුදල් පසුම්බි පිළිබද දිනපතා පොලිස් පැමිණිලි ලැබෙන නමුත් ඒ පිලිබදව නිතිය ක්‍රියාත්මක නොවී නව හැදුනුම්පතක් ලබාගැනීමට අවශ්‍ය පොලිස් පැමිණිලි කොපිය පමණක් අදාල පුද්ගලයට ලබාදී පොලිසියද නිහඩ පිළිවෙතක් අනුගමනය කරන අතර එලෙස පැමිණිලි කිරීමට යාමේදී පවා පොලිසිය එම පැමිණිලි සටහන් කරගැනීම පවා මගහරිමින් කටයුතු කිරීම කණගාටුවට කරුණක්.