IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


පුපුරණ ද්‍රව්‍ය යොදා මුහුදේ මසුන් මැරීමට ගිය 3ක් අත්අඩංගුවට

(ඩී.ජී. සුගතපාල)
බෝට්ටුවකින් ගොස් පුපුරණ ද්‍රව්‍ය යොදා මුහුදේ මසුන් මැරීමට සූදානම්වු පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය වෙත බාරදී තිබේ.

මෙම පුද්ගලයින් තිදෙනා ඊයේ (24) රාත්‍රී දොඩන්දූව ප්‍රදේශයේ මුහුදේදි ඩයිනමයිට් නමැති පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මැරීමට සූදානම් වන බවට ලැබුණු තොරතුරක් අනුව ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට බාරදී ඇත.

සැකකරුවන් මේ වනවිට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බවත් සැකකරුවන් ගොස් ඇති යාත්‍රාව ලියාපදිංචි කර නැති බවත් නාවික හමුදාව විසින් යාත්‍රාව වැටලීමත් සමග එහි තිබූ පුපුරණ ද්‍රව්‍ය මුහුදට දමා ඇති බවට අනාවරණයවි ඇති බවත්  ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

ධීවර දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ගිනිගේ ප්‍රසන්න කුමාර මහතාගේ සහ විමර්ශන අංශයේ අධ්‍යක්ෂිකා සුමනා එදිරිවීර මහත්මියගේ උපදෙස් පරිදි ගාල්ල සහකාර අධ්‍යක්ෂ කේ.එල් ගාමිණි මහතාගේ අධික්ෂණය  යටතේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ වැටලිම් විමර්ශණ අංශයේ ප්‍රධානි එන්.එන්.ඩී.එස්.යූ.පරණවිතාන මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින්  වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.



අදහස් (0)

පුපුරණ ද්‍රව්‍ය යොදා මුහුදේ මසුන් මැරීමට ගිය 3ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 140 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 87 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1679 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site