(කේ. බුද්ධික කුමාරසිරි)
හෝමාගම පනාගොඩ ලේලන්ඩ් හන්දිය ප‍්‍රදේශයේ උත්සව ශාලාවක පවත්වාගෙන ෆේස් බුක් සාදයක් වටලා දේශීය සහ විදේශීය මත්පැන් සහ හඳුනානොගත් මත්ද්‍රව්‍ය විකිණීමේ නිරතව සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අද (26) සැකපිට අත්අඩංගුවට ගත් බව පාදුක්ක සුරාබදු කාර්යාලය පවසයි.
අත්අඩංගුවට පත්ව ඇත්තේ සාදය සංවිධානය කළ බව කියන අතුරුගිරිය ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන 30 හැවිරිදි පුද්ගලයෙකු, සාදයේදී දුම්වැටි අලෙවි කළ එම ප‍්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 23 ක තරුණයෙකු, මත්පෙති අලෙවියේ නිරතව සිටි බව කියන පානදුරේ සහ බත්තරමුල්ලේ පදිංචිකරුවන් වන වයස අවුරුදු 21 සහ 22 තරුණයින් දෙදෙනෙකි.
මෙම සාදය සඳහා මුහුණු පොතේ මිතුරු සංගමයක් හරහා 600 කට ආසන්න පිරිසක් රුපියල් 2000- බැගින් මුදල් ගෙවා වෙන්කර තිබූ බවත් වටලන අවස්ථාවේදී වයස අවුරුදු 17ත් 30 ත් අතර තරුණ තරුණියන් 400 කට ආසන්න පිරිසක් සහභාගී වී සිටි බවද එම කාර්යාලය පවසයි.
පාදුක්ක සුරාබදු මධ්‍යස්ථානයේ ස්ථානාධිපති ලද තොරතුරක් මත උපාය දුතයන් දෙදෙනෙකු යොදවා මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
බියර් කෑන් 56 ක් දේශීය මත්පැන් බෝතල් 55 ක් ද විදේශීය මත්පැන් බෝතල් 15ක් ද බදු නොගෙවූ දුම්වැටි 120 ක් ද අයිස් මත්ද්‍රව්‍ය සහ හඳුනා නොගත් මත් පෙති වර්ග ගණනාවක් ද සැකකරුවන් සතුව තිබී සොයා ගැනීමට හැකි වී ඇත.
සැකකරුවන් හෝමාගම මහේස්ත‍්‍රාත්වරයා හමුවට අද (26) දින ඉදිරිපත් කිරීමට නියමිත අතර අනෙක් සැකකරුවන් සුරාබදු ආඥා පනත යටතේ කටයුතු කරන බවද එම කාර්යාලය පවසයි.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2504
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ෆේස්බුක් සාදයක මත්ද්‍රව්‍ය අලෙවි කළ සිව්දෙනෙකු අත්අඩංගුවට
sharm warn Thursday, 30 January 2020 08:55 AM
මෙවැනි සාද කීයක්නම් මේ වෙනකොට වටලලා තියෙයිද ? මේවා අනිවාර්යයෙන් ලොකු බලවතෙකුගේ හයියෙන් කෙරෙන දේවල් විය යුතුයි. මොකද මත් ද්‍රව්‍ය ගෙන්වන්නේ සාමාන්‍ය ජනතාව නෙමෙයිනේ. මේවට සහභාගී වෙන අයගේ දෙමව්පියන්ටත් පොඩ්ඩක් තරවටු කළොත් හොදයි . තමන්ගේ දරුවෝ කොහෙද යන්නේ කාවද ඇසුරු කරන්නේ කියල දෙමව්පියෝ හොයලා බලන්නේ නැතිනම් කවුද ඒක කරන්නේ ? ළමයි 400 ක් කියන්නේ පොඩි ප්‍රමාණයක් නෙමෙයි. හැම නගරෙකම පොලිසිය තව ටිකක් විමසිල්ලෙන් හිටියොත් මේවා මර්දනය කරන්න පුළුවන් වෙයි.