සහල්වලට පාලන මිලක් නියම කළ අයුරින්ම වී වලට සහතික මිලක් නියම කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
සිය වී අස්වැන්න කුණු කොල්ලයට මහා පරිමාණ මෝල්කරුවන් කිහිප දෙනෙකු අතට නිදහස් කිරීමට වී ගොවීන්ට මේ වන විට සිදුව ඇතැයි ද එනිසා මෙම ඉල්ලීම කරන්නේ යැයි ද ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා 'ලංකාදීපය'ට අද(26) පැවැසීය.
සහල් පාරිභෝගිකයන්ට රුපියල් 97 ක පාලන මිලකට සහල් මිලදී ගැනීමට අවස්ථාව සැලසුණ ද වී ගොවීන්ට රුපියල් තිස් දෙකක් වැනි මිලකට වී කිලෝව විකුණා දැමීමට මේ වන විට සිදුව ඇතැයි සමරසිංහ මහතා පැවසීය.
මෙහි ඇත්තේ තනිකරම සහල් මාෆියාවක් යැයි ද එය හසුරුවනු ලබන්නේ පොලොන්නරුවේ දේශපාලන මුදලාලිලා දෙතුන් දෙනෙකු විසින් යැයි ද ඔහු චෝදනා කළේය .
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන වී වලට වී සහතික මිලක් නියම කිරීමට ආණ්ඩුව කඩිනමින් පියවර ගතයුතු යැයි ද එසේ නොවුවහොත් වී ගොවීන් දැඩි දුෂ්කරතාවකට පත් වනු ඇතැයි ද සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වී වලටත් සහතික මිලක් දෙන්න