(ශාන්ත ප්‍රදීප් කුලරත්න)
කළුබෝවිල මංගල මාර්ගයේදී රුපියල් ලක්ෂ 6ක් වටිනා කේරළ ගංජා කිලෝ තුනයි ග්‍රෑම් 370ක් සමඟ පුද්ගලයකු අද(27) අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු බඩෝවිට පදිංචි 32 හැවිරිදි අයෙකි.
කේරළ ගංජා තොගයක් ප්‍රවාහනයට කරන බවට කොහුල පොලිසිය ලද තොරතුරක් අනව මොහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මීට පෙරද හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් වසර 4ක් බන්ධනාගාර ගතව සිට නිදහස්ව ආ අයෙකු බවද පොලිසිය පවසයි.
සැකකරුගේ ගමන් මල්ලේ තිබී කේරළ ගංජා සහිත පාර්සල් දෙකක් තිබූ බව පොලිසිය කියයි.
සැකකරු මාරවිල ප්‍රදේශයෙන් කේරළ ගංජා ගෙනැවිත්, බඩෝවිට නිවසකදී පැකට් කර තොග වශයෙන් බෙදාහරින බවටද කළුබෝවිල, දෙහිවල, අත්තිඩිය, බොරලැස්ගමුව, ගල්කිස්ස ඇතුළු ප්‍රදේශ රැසකට ගංජා බෙදාහැර ඇතැයිද කරුණු අනාවරණය වී ඇත.

2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2504
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ලක්ෂ 6ක කේරළ ගංජා සමඟ අයෙකු අත්අඩංගුවට