IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ සහකාර නීතිපති ධූරයට පත්වූ නිලූෂී පිළිගනී

(තිලකරත්න දිසානායක)

අමෙරිකාවේ,මිනසෝටා ප්‍රාන්තයෙහි සහකාර නීතිපති ධුරයට පත් ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ ආදි ශිෂ්‍යා නිලූෂි රණවීර මහත්මිය පිළිගැනීමේ උත්සවයක් අද (27) එම විදුහලේ දී පැවැත්විණි. 

මෙවන් ධූරයකට පත්වීමෙන් මෙරටට අත්කර දුන් ගෞරවය සහ කීර්තිය වෙනුවෙන්, සිරිකුරුස විද්‍යාලයේ විදුහල්පතිනී දර්ශිකා කන්‍යා සොයුරියගේ මඟපෙන්වීම යටතේ මෙම උත්සවය සංවිධානය කර තිබිණි. 

නිලූෂි රණවීර මහත්මිය, සිරිකුරුස විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත්ව උපාධිය ලබා 2006 වසරේ දී මිනසෝටා ප්‍රාන්තයේ හැම්ලීන් විශ්ව විද්‍යාලයට ඇතුළත්ව නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් , පසුව මිචෙල් හැම්ලීන් නීති විද්‍යාලයෙන් 2016 වසරේ දී  නීතිවේදී පශ්චාත් උපාධියත් හිමිකරගෙන ඇත. 

පසුව එහි රජයේ විනිසුරුවරියක් යටතේ අපරාධ නීතිය වැඩිදුරටත් හදාරා ඇති නිලූෂි රණවීර මහත්මිය , පසුගිය වසරේදී මිනසෝටා ප්‍රාන්තයේ සහකාර නීතිපති ධුරයට පත් කර තිබේ. 

සිරිකුරුස විදුහලෙහි පැවති මෙම පිළිගැනීමේ උත්සවයට නිලූෂී මහත්මියගේ පියා සරත් රණවීර මහතා  සහ මව ඉන්ද්‍රානි රණවීර මහත්මිය ද ආදි ශිෂ්‍යාවන් සහ ගුරු මහත්මීන්ද  සහභාගී වී සිටියහ. 



අදහස් (1)

ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ සහකාර නීතිපති ධූරයට පත්වූ නිලූෂී පිළිගනී

sharm warn Thursday, 30 January 2020 08:49 AM

උණුසුම් සුභ පැතුම් දුව !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2504 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site