IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ලොරි - ට්‍රැක්ටර් ගැටුමෙන් 3කට තුවාල

(හිඟුරානේ නවරත්න සමරතුංග)
 
අම්පාර කල්මුණ ප්‍රධාන මාර්ගයේ උදයපුර බෝගස අසල ප්‍රදේශයේදී අද (25) පෙරවරු 10.45ට පමණ වැලි ප්‍රවාහනය කරමින් තිබුණු ට්‍රක් රථයක් සහ යුද හමුදා සෙබළුන් ගමන් ගත් ට්‍රැක්ටරයක් මුහුණට මුහුණලා ගැටීමෙන් යුධ හමුදාවේ සාමාන්‍ය සෙබළුන් තිදෙනෙකු අම්පාර මහ රෝහලට ඇතුලත් කර ඇති බව අම්පාර පොලිසිය පවසයි.
 
අම්පාර නගරය දෙසින් කල්මුණේ දෙසට ගමන්කළ වැලි පැටවූ ට්‍රක්රථයක් සහ  කල්මුණ දෙසින් අම්පාර නගරය දෙසට පැමිණි ට්‍රැක්ටරයක් මෙසේ අනතුරට පත්ව ඇත.
 
අනතුර සිදුවන අවස්ථාවේ එම ලොරි රථයේ දකුණු පස  යතුරුපැදි දෙකක් සහ පාරේ ගමන් කල පුද්ගලයෙකුද ගැටී ඇත.
 
මෙම අනතුරින් මල්වත්ත යුධ හමුදා කඳවුරට අයත් ට්‍රැක්ටර් රථය දෙකට වෙන්ව ගොස් ඇති අතර එහි රියැදුරා ඇතුළු සෙබළුන් තිදෙනා රෝහල් ගතකර ඇත.
 
මේ අනතුර සම්බන්ධයෙන්  යුද හමුදාවේ වෙනම පරීක්ෂණයක් සිදු කෙරෙන බව එහි උසස් නිලධාරියෙක් පැවසීය.
 
අම්පාර කොට්ඨාශය බාර පොලිස් අධිකාරි ජයන්ත රත්නායක, පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේරත්න ඇතුළු පොලිස් නිලධාරීහු පරීක්ෂණ පවත්වති.



අදහස් (2)

ලොරි - ට්‍රැක්ටර් ගැටුමෙන් 3කට තුවාල

upali Saturday, 25 January 2020 03:43 PM

මේ ටිපර් ජව්සම නතර කරන්නම බැරිද ?

:       0       0

ලුම්බිණි Sunday, 26 January 2020 05:06 AM

මේ දවස් වල වෙන අනතුරු වලින් වැඩි හරියක් වැලි ලොරි වලින් තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 141 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 88 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1680 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site