IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


නොරොච්චෝලේ සේවය කරන චීන ජාතිකයන් ගැන දැඩි අවධානය

(එච්. චන්දන)

නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයේ  සේවය කරන චීන ජාතිකයින් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇතැයි පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍යය අධක්ෂක වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

වර්තමානයේ ඇතිවී ඇති තත්වය පිළිබඳව කළ විමසීමකදී ඇය මෙලෙස ප්‍රකාශ කළාය.

නව කොරෝනා වෛරසය  සම්බන්ධව මෙම චීන ජාතිකයින් පිළිබඳව දැඩි අවධානයකින් සිටින බවත් ජනතාවට කිසිදු බියක් ඇති නොකර ගන්නා ලෙසත් , මෙම කාල සීමාව තුලදී මෙරරට පැමිණි එක් චීන ජාතිකයකු පමණක් දැනට ආරක්ෂිතව රඳවාගෙන තිබෙන් බවත් එම පුද්ගලයාගෙන් ද කිසිවක් වාර්තා නොවු බව සෞඛ්‍යය අධක්ෂකවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

මේ අතර නොරොච්චෝලේ  ලක් විජය තාප බලාගාරයේ  සේවය කරන චීන ජාතිකයින්  කිසිවකුට තම සේවා ස්ථානයෙන් පිටතට නොයන ලෙසට විදුලි බලමණ්ඩල බළධාරින් උපදෙස් ලබා දී ඇති බව  වාර්තා වේ. නොරොච්චෝලේ  ලක් විජය තාප බලාගාරයේ විවිධ අංශ තුළ චීන ජාතිකයින් 60 – 75  ආසන්න ප්‍රමාණයක් දැනට සේවය කරයි.



අදහස් (1)

නොරොච්චෝලේ සේවය කරන චීන ජාතිකයන් ගැන දැඩි අවධානය

chandima Tuesday, 28 January 2020 05:26 PM

ඔය ලෙඩේ චීන්නුන්ට විතරක්ම හැදෙන එකක්ද චීන්නු විතරක් පරික්ෂා කරන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2504 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site