(ප‍්‍රදීප් කුමාර)
වවුනියාව දිස්ත්‍රික්කයේ පැවති යුද ගැටුම් හේතුවෙන් ඉන්දියාවට පලා ගිය පිරිස්වලට අයත් ඉඩම් නීතිවිරෝධීව වෙනත් පාර්ශව වෙත අලෙවි කිරීමේ කටයුතු නවත්වන ලෙසට බල කරමින් අද(29) වවුනියාවේදී විරෝධතාවක් පැවැත්විණි.
උතුරු පළාත් ජනතා සැලසුම් සංසදය විසින් එය සංවිධානය කරන ලදී.
වවුනියාව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති මෙම විරෝධතාවයේදී ඔවුන් පවසා සිටියේ දුෂිත නිලධාරීන් පිරිසක් කළ මෙම ක්‍රියාවට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාවට නන්වන ලෙසයි.
ඔවුහු මේ පිළිබඳව ජනාධිපතිවරයා වෙත දැනුම් දීම සඳහා වන ලියවිල්ලක් වවුනියාව දිස්ත්‍රික් ලේකම් එස්. එම්. සමන් බන්දුලසේන මහතා වෙත භාරදීමටද කටයුතු කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd