(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය වරකාව ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය වසා තිබියදී බස් රථ රියදුරෙක් දුම්රිය හරස් ගේට්ටුව කඩාගෙන බස් රථය දැමීමට උත්සහ කිරීමේ සිද්ධියක් අද (27) නාවලපිටිය ප්‍රදේශයෙන් වාර්තාවිය.
අධික වේගයෙන් පැමිණි බස් රථ රියදුරු දුම්රිය හරස් මාර්ගය හරහා හදිසියේ දැමීමට යාම හේතුවෙන් දුම්රිය ගේට්ටුව කැඩී ගොස් ඇති අතර නාවලපිටිය පොලිසිය බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ ශීඝ්‍රගාමි දුම්රිය ගමන් කරන අවස්ථාවේ මහනුවර සිට හැටන් දක්වා බලා ධාවනය වු බස් රථයක් එලෙස දුම්රිය හරස් මාර්ගය හරහා දැමීමට ගොස් තිබිණ.
දුම්රිය හරස් ගේට්ටුව වැසීමට ප්‍රථම අවධානම් සංඥාව නිකුත් කර තිබියදී ප්‍රධාන මාර්ගයේ නතර කර තිබූ වාහන කිහිපයක් ඉස්සර කරමින් බස් රථ රියදුරා බස් රථය ඉදිරියට ධාවනය කරවන අවස්ථාවේ දුම්රිය හරස් ගේට්ටුවේ බස් රථය ගැටී තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය අනතුර සිදු වූ ස්ථානයට ළඟා වෙමින් තිබූ බවත් නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය විසින් දුම්රිය ඉදිරියට ධාවනය වීමට ලබාදෙන සංඥාව ලබා නොදී දුම්රිය හරස් ගේට්ටුවේ ගැටී නතර වී තිබූ බස් රථය එම ස්ථානයෙන් ඉවත් කර දුම්රිය ධාවනය කිරීමට කටයුතු කර ඇති බවත් පොලිසිය කීය.
බස් රථය දුම්රිය හරස් ගේට්ටුවේ ගැටී නතර වීමත් සමඟ බස් රථයේ සිටි මගීන් කලබල වී බස් රථයෙන් ඉවත් වී ඇත.
අත්අඩංගුවට ගත් බස් රථයේ රියදුරු නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නාවලපිටිය පොලිසිය පැවසීය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
දුම්රිය හරස් ගේට්ටුව කඩාගෙන යාමට උත්සහ කළ බස්රථ රියදුරු අත්අඩංගුවට