(සමන් පාලිත නානායක්කාර)
හපුතලේ බෝවත්ත මාර්ගයේදී වෛද්‍යවරයකුට පහර දුන් බව කියන පෞද්ගලික බස් රථ රියදුරුවරයෙකු සහ රිය සහයකවරයකු අද(28) සැකපිට අත්අඩංගුවට ගත් බව හපුතලේ පොලිසිය කියයි.
වෛද්‍යවරයා මෝටර් රථයෙන් හපුතලේ බෝවත්ත මාර්ගයේ ගමන් ගනිමින් සිටියදී ඉදිරියෙන් බස් රථයකට යාමට ඉඩ නුදුන් බව කියා සිදු වූ බහින්බස් වීමකින් පසු ඔවුන් පහරදී පොලිසිය පවසයි.
වෛද්‍යවරයා මෙම සිද්ධිය පිළිබඳව හපුතලේ පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ, හපුතලේ දිසා රෝහලේ වෛද්‍ය කසුන් උදාහරණ මහතාය. ඔහු මේ වනවිට ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් එක ඉගිල්ලෙන්න දෙන්නේ නැත්නම් කාට වුනත් පහර දෙයි.