(ටී. එල්. ජව්ෆර්කාන්)
මන්චන්තොදුවායි හා කාත්තන්කුඩි ප්‍රදේශයේ නිවාස 4කින් දේපළ සහ මුදල් සොරාගත් දෙදෙනකු අද(27) කාන්තන්කුඩියේදී අත්අඩංගුවට ගත් බව කාන්තන්කුඩි පොලිසිය කියයි.
අපරාධ විමර්ශන අංශයේ මූලිකත්වයෙන් පොලිස් කණ්ඩායමක් කළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගන්නා ලදී.
සැකකරුවන් සොරකමට නිවාසවලට යාමට යොදාගත් යතුරු පැදි, රුපියල් 34,000ක මුදලක්, ජංගම දුරකතනයක් පොලිසිය බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් අධිකරණයට ඉදරිපත් කිරීමට නියමිතය.
කාත්තන්කුඩි පොලීසිය වැඩිදුර පරීක්ෂණය පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd