(ඩී.කේ.රත්න)
කොස්ලන්ද අලුත්වෙල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ තුනක් පමණ වන වියළි ගංජා කිලෝ ග්‍රෑම් 10 ක් සමඟ පුද්ගලයෙක් අද (02) පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇතැයි කොස්ලන්ද පොලිසිය පැවසීය.
කොස්ලන්ද මහලන්ද පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක් මෙම ගංජා සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් කොස්ලන්ද අලුත්වෙල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ගැණුම්කරුවකුට අලවි කිරීම සඳහා රැගෙනයමින් තිබූ මෙම ගංජා තොගය සමඟ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා සහ ගංජා තොගය බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොස්ලන්ද පොලිසියට බාරදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd