(ඉන්දික අරුණ කුමාර)
ලෝක උරුම නකල්ස් වන පෙතේ වන ඝණත්වය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක වන පැළ රෝපණ වැඩසටහනක් පිටලවල-රෙඩ්බානාගම රක්ෂිත ප්‍රදේශයේදී පැවැත්විණි.
එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ක්‍රියාත්මක සුළු මුල්‍යාධාර වැඩසටහන යටතේ ක්‍රියාත්මක 'දුම්බර මිතුරෝ' පරසර සංවිධානය වැඩසටහන සංවිධාන කර තිබිණි. මෙම කටයුත්ත සදහා සත්කාරක දායකත්වය සපයන ලද්දේ නාඋල Brave heart තරුණ සංවිධානයයි.
එහි සමාජිකයෝ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු සහ දුම්බර මිතුරෝ පරිසර සංවිධාන නිලධාරීහු සහභාගී වෙමින් නකල්ස් වන භූමිවලට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිර්දේශ කළ ඇටඹ,පළු,කොස් හා බුළු පැළ සිටවූහ.
නකලස් රක්ෂිත භූමියෙහි මානව ක්‍රියාකාරකම් හේතුවෙන් එළි පෙහෙළි වූ භූමි ප්‍රදේශවල යළි වන වගා ඇති කරමින් නකලස් වන වැස්ම ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගත පරපුර වෙනුවෙන් කළ හොද ආයෝජනයක්. සහභාගිවු සියල්ලෝටම පිං !